govlk

බාගතකිරීම්

මහජන අදහස් සඳහා ප්‍රමිති කෙටුම්පත

1. ශාරීරික සුවතා හා සෞඛ්‍ය මධ්‍යස්ථාන සඳහා වන මාර්ගෝපදේශ පිළිබඳ          ශ්‍රී ලංකා ප්‍රමිති කෙටුම්පත

(ශ්‍රී. ලං. ප්‍ර. ........ : ...........)

2. ආහාර සමග ගැටීමට සුදුසු ප්ලාස්ටික් ද්‍රව්‍ය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර කෙටුම්පත

තුන්වන කොටස : පොලිඑතිලින

(ශ්‍රී. ලං. ප්‍ර. .........– 3 : .........)

3. කාබනික කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කල හැකි කොම්පෝස්ට් පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර කෙටුම්පත

(ශ්‍රී. ලං. ප්‍ර. ........ : ...........)

4. කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වන භාවිත සංග්‍රහය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති කෙටුම්පත

(ශ්‍රී. ලං. ප්‍ර. ........ : ...........)

5. දන්ත වෛද්‍ය - මුඛ සෞඛ්‍ය ආශ්‍රිත නිෂ්පාදන - මුඛ දෝවන දියර පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති කෙටුම්පත

(=ISO 16408 : 2015)

ඉහත සඳහන් ප්‍රමිති කෙටුම්පත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් මහජන හා අනෙකුත් උද්‍යෝගී අංශවල අදහස් ලබා ගැනීම සඳහා මෙයින් ඉදිරිපත් කරනු ලැබේ.

මෙම කෙටුම්පත් ශ්‍රී ලංකා ප්‍රමිතීන් ලෙස අනුමත කිරීමට ප්‍රථම, ලැබෙන අදහස්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අදාළ කමිටු මගින් සලකා බලා අවසාන සංශෝධන කරනු ලැබේ.

ඉහත සඳහන් 1) සිට 4) ප්‍රමිති මෙම ආයතනයේ විද්‍යාත්මක ප්‍රමිතිකරණ අංශයෙන් හෝ ප්‍රලේඛන හා තොරතුරු අංශයෙන් හෝ www.slsi.lk වෙබ් අඩවියෙන් නොමිලේ ලබාගත හැක. ඉහත ප්‍රමිති කෙටුම්පත 5) මෙම ආයතනයේ පුස්තකාලයෙන් මිලදී ගත හැක.

සියලුම අදහස් 2019-03-17 දින හෝ ඊට ප්‍රථම මා වෙත ලැබෙන්නට සලස්වන්න.

අධ්‍යක්‍ෂ ජනරාල්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

නො. 17, වික්ටෝරියා පෙදෙස

ඇල්විටිගල මාවත , කොළඹ 08.

දුරකථන : 011-2671567 – 72,

ෆැක්ස් : 011-2671579,

විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 වෙබ්: www.slsi.lk

පද්ධති සහතිකකරණය

අයදුම්පත්‍ර

පූර්ව තක්සේරු ප්‍රශ්නාවලිය