govlk

ඉං‍ජිනේරු ප්‍රමිති සම්පාදන අංශය

ජාතික ඉංජිනේරු ප්‍රමිති සම්පාදනය කරනු ලබන්නේ ඉං‍ජිනේරු ප්‍රමිති සම්පාදන අංශය විසිනි. පාරිභෝගිකයන්, නිෂ්පාදකයන්, පරිශීලකයන්, මහජන ආයතන සහ ස්වාධීන තාක්ෂණික සංවිධාන නියෝජනය කරන්නා වූ බැඳියාවක් දක්වන සියලු පාර්ශවවල ස්වේච්ඡා සහභාගිත්වයෙන් සහ සහ සහයෝගී ප්‍රයත්නයක් සමග කමිටු ක්‍රියාදාමයක් සහ උපදේශක ක්‍රියාදාමයක් හරහා මෙම ප්‍රමිති සකස් කරනු ලැබේ.

මෙම ප්‍රමිති ක්‍රියාකාරකම්වලින් ජාතික ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ උපරිම කිරීමට හැකි හොඳම ආකාරයෙන් සියලු විශේෂඥ දැනුමඑක් රැස් කිරීමේ අරමුණ ඇතිව මෙම ක්‍රියාකාරකම්වලදී ආයතනයට උපදෙස් දීම සහ මග පෙන්වීම පිණිස ආයතනය තාක්ෂණික කමිටු පත්කරයි.

තාක්ෂණවේදය, වාණිජ්‍යය, වෙළඳාම සහ පරිපාලනය භාවිතය සඳහා සම්බන්ධීකරණ විසඳුම් ජාතික ප්‍රමිති නියෝජනය කරන අතර:

  • භාණ්ඩ සහ සේවා හුවමාරුවේදී මානව ප්‍රයත්න, බලය සහ අනෙකුත් සම්පත්වලට අනුව සමස්ත ආර්ථිකය;
  • භාණ්ඩ සහ සේවාවල ප්‍රමාණාත්මක සහ සංගත ගුණාත්මකභාවය හරහා පාරිභෝගික අභිලාෂයන් ආරක්ෂාව;
  • ජීවිතයේ සුරක්ෂිතතාව, සෞඛ්‍යය සහ ආරක්ෂාව; සහ
  • සම්බන්ධයක් දක්වන සියලු පාර්ශව අතර අදහස් ප්‍රකාශ කිරීම සහ සන්නිවේදනය සඳහා මාර්ගක් සැපයීම සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කරනු ලබයි.

මෙම ප්‍රමිති ද්‍රව්‍ය සහ නිෂ්පාදන සඳහා පිරිවිතර විය හැකිය, ඇතැම් කර්මාන්ත ක්ෂෙත්‍රයන්හි නිර්දේශිත ව්‍යාවහාර ලබාදීම විය හැකිය, නැතහොත් පරීක්ෂාකිරීමේ ක්‍රම‍වේද, පාරිභාෂික යෙදුම් හෝ වෙනත් යම් ආකාරයක ප්‍රමිති ප්‍රකාශ කිරීමක් විය හැකිය.

ප්‍රමිති සම්පාදනය කිරීමේදී, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රතිපත්තිය වනුයේ ප්‍රායෝගිකව හැකි තාක් දුරට ජාත්‍යන්තර ප්‍රමිති හා අනුකූල වීමයි. ඒ සඳහා හැකි සෑම අවස්ථාවකදීම ජාත්‍යන්තර ප්‍රමිති ශ්‍රී ලංකා ප්‍රමිති ලෙස පිළි පදිනු  ලැබේ.

ප්‍රමිති සම්පාදන ව්‍යාපෘති තෝරාගැනීමේදී, අභ්‍යන්තර සහ බාහිර වෙළඳාම සඳහා පහසුකම් සපයන ප්‍රමිති සඳහා සහ පාරිභෝගිකයාගේ බැඳියාවන් ආරක්ෂා කිරීමේ මුඛ්‍ය අරමුණින් ශ්‍රී ලාංකික නිෂ්පාදනවල ජාත්‍යන්තර තරඟකාරීත්වය ඉහළ නංවාලිමට ප්‍රමුඛතාව ලබා දෙනු ලැබේ.

නිෂ්පාදන, වෙළෙඳ ද්‍රව්‍ය, ද්‍රව්‍ය, පිරි සැකසුම් ක්‍රම සහ ව්‍යවහාර හා සම්බන්ධ ශ්‍රී ලංකා ප්‍රමිති 1600ක් පමණ දැනට පවතී. නව ද්‍රව්‍ය,  පිරි සැකසුම් ක්‍රම සහ තාක්ෂණවේදයන්හි වර්ධනයන් සැලකිල්ලට ගනිමින් ඉන් බොහෝමයක් පරිශෝධනය කර තිබේ. එබඳු ප්‍රතිශෝධන ඒවා සිදුකළ වර්ෂය සමග දක්වා තිබේ. පනත් සහ රෙගුලාසි මගින් අනිවාර්ය කර නොමැති නම් මිස අදාළ පාර්ශවයන් විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ස්වේච්ඡාවෙන් පිළිපැදීම අපේක්ෂා කරනු ලැබේ.