govlk

ආංශික කමිටු

ප්‍රමිති සම්පාදනයේ සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාකාරකම්වලදී ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයට උපදෙස් දීම පිණිස  පුළුල් විෂය ක්ෂෙත්‍ර ආවරණය කරමින් ශ්‍රි.ල.ප්‍ර. ආයතනයේ සභාව ආංශික කමිටු පත්කරයි.  දැනට ක්‍රියාත්මක වන ආංශික කමිටු පහත දක්වා ඇත.

  • ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආංශික කමිටුව
  • විදුලි උපකරණ සහ උපාංග පිළිබඳ ආංශික කමිටුව
  • විදිලු රැහැන් සහ සන්නායක පිළිබඳ ආංශික කමිටුව
  • ශ්‍රී ලංකා ජාතික විද්‍යුත්තාක්ෂණික කමිටුව
  • තොරතුරු තාක්ෂණයපිළිබඳ ආංශික කමිටුව
  • ද්‍රව්‍ය යාන්ත්‍රික පද්ධති සහ නිෂ්පාදන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආංශික කමිටුව
  • ගොඩැනැගිලි සහ ඉදිකිරීම් ද්‍රව්‍ය පිළිබඳ ආංශික කමිටුව

නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් අතුරින් සහ ස්වාධීන පර්යේෂණ සහ පරීක්ෂා කිරීමේ සංවිධානවලින් තෝරාගන්නා විශේෂඥයන්ගෙන් සහ අනෙකුත් විශේෂඥයන්ගෙන් ආංශික කමිටු පිහිටුවනු ලැබේ. ඒ අනුව අදාළ සංවිධානවලින් නම්කරනු ලබන මෙන්ම පුද්ගලික මට්ටමින් පත්කරනු ලබන සාමාජිකයන්ගෙන් ආංශික කමිටු සමන්විත වේ.

කමිටුවක රැස්වීම් සාමාන්‍යයෙන් විවෘත වනුයේ එහි සාමාජිකයන් සඳහා පමණි. විශේෂ කාර්යයන් සඳහා බාහිර පුද්ගලයන්ගේ සහභාගිත්වය සඳහා කෙරෙන ඉල්ලීම් පළමුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත යොමු කළ යුතු අතර අදාළ ආංශික කමිටුවේ සභාපති විමසා එය අයදුම්කරුට ආරාධනාවක් යොමු කරනු ඇත.

එක් එක් ප්‍රමිතිකරණ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ඉංජිනේරු ප්‍රමිතිකරණ අංශයේ සහකාර අධ්‍යක්ෂවරයකු (ඉංජිනේරු) විසින් කළමනාකරණය කරනු ඇත. විෂයයේ ස්වභාවය සහ සංකීර්ණතාව, දත්ත ලබාගත හැකිබව, යොමුකිරීම් ලේඛන, අනෙකුත් ප්‍රමිති සහ තොරතුරු මත පදනම්ව යොදාගනු ලබන විකල්ප පරිපාටි කිහිපයක්  තිබේ.

ඇමතුම් විස්තර:

තනතුර සහ අංශය දුරකථන අංකය
විද්‍යුත් තැපෑල

අධ්‍යක්ෂ
(ඉංජිනේරු ප්‍රමිතිකරණ අංශය)

+ 94 112 672 612 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.