govlk

මහජන අදහස් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කෙටුම්පත්

 1. ළදරු කොලෝන් සඳහා වූ ප්‍රමිති පිරිවිතර කෙටුම්පත (ශ්‍රී.ලං.ප්‍ර. 589 : පළමු ප්‍රතිශෝධනය)

2.පුපුරණ ද්‍රව්‍යයක් ලෙස යොදා ගන්නා ඇමෝනියම් නයිට්‍රේට් පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර කෙටුම්පත

3.පැස්ටා නිෂ්පාදන සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර කෙටුම්පත (ශ්‍රී.ලං.ප්‍ර. 420 : දෙවන ප්‍රතිශෝධනය)

4.සහල් නූඩ්ල්ස් (සහල් වර්මිසිලි) සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර කෙටුම්පත (ශ්‍රී.ලං.ප්‍ර. 858 : පළමු ප්‍රතිශෝධනය)

5.භාජන සේදීම (යන්ත්‍රයක ආධාරයෙන් තොරව) සඳහා යොදා ගන්නා දියරම ශාලක පිළිබඳ ප්‍රමිති පිරිවිතර කෙටුම්පත

6.ආහාර සුරක්‍ෂිතතාවය සඳහා වූ පූර්ව අවශ්‍යතාවයන්

6 වන කොටස : සත්ව ආහාර සහ සත්ව ආහාර නිෂ්පාදනය පිළිබඳ වූ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර කෙටුම්පත (DSLS ISO/TS 22002: 6 වන කොටස )

 7. මෝටර් සයිකල් සහ ඒ සමාන වාහන සඳහා ඊයම් අම්ල ආරම්භක බැටරි සඳහා වූ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර කෙටුම්පත

(පළමු ප්‍රතිශෝධනය) SLS 1235: 2018

 8. විදුලි උපාංග සඳහා වූ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර කෙටුම්පත (පළමු ප්‍රතිශෝධනය) SLS 1001: 2018

 9.බලය සහ ආලෝකය සඳහා වෝල්ටීයතාවය 450/750 V කින් සමන්විත තාපස්ථාන පරිවෘත සහ තාප සුවිකාර්ය කොපුලු සහිත, ගිනි ගැනීමකින් වෙනස් වූ විට මෝචනය සහිතව දුමාරය සහ විඛාදක වායු අවම, විදුලියොත් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර කෙටුම්පත

 10. වහල සහ ආවරණ සඳහා වන ඇලුමිනියම් / තුත්තනාගම් මිශ්‍ර ලෝහ ආලේපිත වානේ තහඩු සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර කෙටුම්පත

ඉහත සඳහන් ප්‍රමිති පිරිවිතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් මහජන හා අනෙකුත් උද්‍යෝගී අංශවල අදහස් ලබා ගැනීම සඳහා මෙයින් ඉදිරිපත් කරනු ලැබේ.

 මෙම කෙටුම්පත් ශ්‍රී ලංකා ප්‍රමිතීන් ලෙස අනුමත කිරීමට ප්‍රථම ලැබෙන අදහස්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අදාළ කමිටු මගින් සලකා බලා අවසාන සංශෝධනය කරනු ලැබේ.

 ඉහත සඳහන් 01 සිට 05 දක්වා සහ 07 සිට 10 දක්වා කෙටුම්පත් ආයතනයේ ප්‍රලේඛන හා තොරතුරු අංශයෙන් හෝ www.slsi.lk වෙබ් අඩවියෙන් නොමිලේ ලබාගත හැක. ඉහත අංක 06 කෙටුම් පත මෙම ආයතනයේ පුස්තකාලයෙන් මිලදී ගත හැක.

 සියලුම අදහස් 2018-08-29 දින හෝ ඊට ප්‍රථම මා වෙත ලැබෙන්නට සලස්වන්න.

  අධ්‍යක්‍ෂ ජනරාල්

  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

  නො. 17, වික්ටෝරියා පෙදෙස, ඇල්විටිගල මාවත , කොළඹ 08.

  දුරකථන : 011-2671567 – 72, ෆැක්ස් : 011-2671579,