govlk

හැඳින්වීම

අපගේ දැක්ම

පාරිභෝගිකයින් සඳහා යොමුව ප්‍රමිතිකරණය සහ තත්ත්ව කළමනාකරණ පිළිබඳ තොරතුරු එක් ස්ථානයකින් ලබාදෙන මධ්‍යස්ථානයක විශිෂ්ඨත්වයට පත් වීම

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රලේඛණ සහ තොරතුරු අංශය ප්‍රමිති කරණය සහ තත්ත්ව කළමනාකරණය පිළිබඳ තොරතුරු එක් ස්ථානයකින් ලබාගත හැකි මධ්‍යස්ථානයකි. විශේෂිත වූ තොරතුරු මධ්‍යස්ථානයක් වෙමින් ප්‍රමිතිකරණ සහ තත්ත්ව කළමනාකරණයට අවශ්‍ය වූ සම්පත් එකතුවක් අපගේ සාමාජිකයන් හට ඉදිරිපත් කරමු. අපගේ සම්පත් එකතුවේ ප්‍රධන කොටසක් වනුයේ විස්තීර්ණ සහ යාවත්කාලීන වූ ජාතික, අන්තර්ජාතික සහ විදේශීය ප්‍රමිති සහ තාක්ෂණික රෙගුලාසි වේ. යම් සංවිධානයකින් ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම නීතිමය සහ රෙගුලාසි අවශ්‍යතා සපුරාලීමට උපකාර වීම පමණක් නොව ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සඳහා තාක්ෂණික එකතුවක් ලෙස ක්‍රියාකරයි.

මෙයට අමතරව සාමාන්‍ය පුස්තකාලයකින් ලබාදෙන සේවාවන් ලබා දේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රලේඛණ සහ තොරතුරු අංශය (WTO/TBT) ලෙස නම් කර තිබේ.