govlk

හැඳින්වීම

විශ්ලේෂණය

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් ස්ථාපිත කර ඇති පද්ධති සහතිකකරණ ක්‍රියාවලිය මෙරට ආර්ථිකයට අදාළ විවිධ අංශයන්හි ක්‍රියාකරකම්වලට අදාල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම ප්‍රචලිත කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකකරණය (ISO 9001)

එම තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකකරණ ක්‍රියාවලිය ISO 17021 ප්‍රමිතියට අනුකූල වන අයුරින් ස්ථාපනය කර ඇති අතර එමඟින් භාණ්ඩ නිෂ්පාදන හා සේවා සැපයූම් ආයතනයන් වෙත ISO 9001 සහතිකය පිරිනැමිම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත හැකියාව ලැබී ඇත. එකී ශක්‍යතාවය ලොව පිළිගත් නෙදර්ලන්තයේ RvA ආයතනය සහ අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය මඟින් විෂය පථයන් 22 ක් සඳහා අනුමත කර ඇති අතර එම ප්‍රතීතකරණය යටතේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පිරි නමනු ලබන ISO 9001 සහතික සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබී ඇත. එම තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකකරණ ක්‍රියාවලිය සඳහා දක්ෂ, සුදුසුකම්ලත්, පළපුරුදු සහිත දැවැන්ත විගණක කණ්ඩායමක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සතුව ඇති අතර එම කණ්ඩායම නායක විගණකවරුන් 20 කින් සහ විගණකවරුන් 65 කින් පමණ සමන්විතය.

නෙදර්ලන්තයේ RvA ආයතනය මඟින් ප්‍රතීතනයට ලක් වී ඇති විෂය පථයන්

  • ආහාර නිෂ්පාදන, බීම වර්ග සහ දුම් කොළ
  • ඖෂධ නිෂ්පාදන ( ආයුර්වේද ඖෂධ සහ රෝගනාශක ආයුර්වේද නිෂ්පාදන)
  • රෙදිපිළි සහ රෙදිපිළි නිෂ්පාදන
  • රබර් සහ ප්ලාස්ටික් නිෂ්පාදන
  • විද්‍යුත් සහ ප්‍රකාශ උපකරණ
  • සම්භාණ්ඩ සහ සම්භාණ්ඩ නිෂ්පාදන
  • රසායන ද්‍රව්‍ය, රසායනික නිෂ්පාදන සහ කෙඳි වර්ග
  • ලෝහමය නොවන ඛනිජ නිෂ්පාදන
  • කොන්ක්‍රීට්, සිමෙන්ති , හුණු, බදාම
  • ගමනාගමනය, ගබඩාකරණයසහසන්නිවේදනය
  • ප්‍රාථමික ලෝහ, ඛනිජ ද්‍රව්‍ය සහ ලෝහ නිෂ්පාදන
  • දැව සහ දැවමය භාණ්ඩ
  • ප්‍රකාශන ආයතන
  • මුද්‍රණ ආයතන
  • භෝජනාගාර සහ ආපනශාලා
  • පල්ප් වර්ග, කඩදාසි සහ කඩදාසි නිෂ්පාදන
  • ඉදිකිරීම් කර්මාන්ත
  • බැංකු සේවාවන්
  • අධ්‍යාපන සේවාවන්

අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය මඟින් ප්‍රතීතකරණයට ලක් වී ඇති විෂය පථයන්

  • ආහාර ද්‍රව්‍ය, බීම වර්ග සහ දුම් කොළ භාවිත නිෂ්පාදනය
  • රෙදිපිළි සහ රෙදිපිළි ද්‍රව්‍ය නිෂ්පාදනය
  • සම් සහ සම් භාණ්ඩ නිෂ්පාදනය
  • දැව සහ දැව භාණ්ඩ නිෂ්පාදනය
  • කඩදාසි සහ කඩදාසි ද්‍රව්‍ය නිෂ්පාදනය
  • මුද්‍රණය
  • රසායන ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය
  • මුලික ඖෂධ ද්‍රව්‍ය සහ ඖෂධීය ද්‍රව්‍ය නිෂ්පාදනය
  • රබර් සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනය
  • ලෝහමය නොවන ඛනිජ ද්‍රව්‍ය නිෂ්පාදනය
  • ප්‍රාථමික ලෝහ සහ ලෝහමය ද්‍රව්‍ය නිෂ්පාදනය (යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ හැර)
  • පරිඝණක, ඉලෙක්ට්‍රෝනික සහ ප්‍රකාශ ද්‍රව්‍ය නිෂ්පාදනය
  • විද්‍යුත් උපකරණ නිෂ්පාදනය
  • ගොඩනැඟිලි සහ සිවිල් ඉංජිනේරු කර්මාන්තය
  • ගොඩනැඟිලි ඉදිකිරීම් නිමාව සහ ඒ ආශ්‍රිත අනෙකුත් නිමාවන්
  • ගබඩාකරණය සහ ගමනාගමනය සඳහා උපකාරක ක්‍රියාවලීන්
  • නවාතැන් පහසුකම් සහ ආහාර සැපයීමේ ක්‍රියාවලින්
  • ප්‍රකාශන ආයතන
  • මූල්‍යමය සේවාවන්, රක්ෂණය සහ විශ්‍රාම වැටුප් අරමුදල් ආශ්‍රීත සේවාවන්
  • අධ්‍යාපනය
  • විදුලි සංදේශ
  • රාජ්‍ය පරිපාලනය

පරිසර කළමනාකරණ පද්ධති සහතිකකරණය ( ISO 14001)

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ක්‍රියාත්මක වන පරිසර කළමනාකරණ පද්ධති සහතිකකරණ ක්‍රියාවලිය ස්වේඡාවෙන් ක්‍රියාත්මක වන අතර එය කර්මාන්තවලට ISO 14001 ප්‍රමිතියේ අවශ්‍යතාවයන්ට අනුකූල වීමට උපකාරි වන අතර එය එම ආයතනය පරිසර සංරක්ෂණයට දක්වන කැපවීම ප්‍රදර්ශනය කරයි.

ISO 14001 ප්‍රමිතිය පරිසරය සමඟ ගැටෙන සාධකයක් වන වායු විමෝචන හෝ අපද්‍රව්‍ය ජලයට මුදා හැරීම පිළිබඳ අවශ්‍යතාවයන් සඳහන් නොකරන අතර එක් එක් ආයතනයන්ට ඔවුන්ගේ ඉලක්ක පදනම් කරගෙන වර්තමානයේ ක්‍රියාත්මක වන දත්ත හෝ නිතීමය අවශ්‍යතාවන්ට අනුගත වීමට උපකාරි වේ. මෙම සහතිකකරණ ක්‍රියාවලිය ලෝක ප්‍රසිද්ධ නෙදර්ලන්තයේ RvA ආයතනය මඟින් විවිධ ක්ෂේත්‍ර 14ක් අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතනය මණ්ඩලය මඟින් විවිධ ක්ෂේත්‍ර 11ක් ප්‍රතීතනය කර ඇත. එම නිසා මෙම සහතික මුළු ලෝකය පුරාම පිලිගැනීමක් ඇත.

නෙදර්ලන්තයේ RvA ආයතනය විසින් ප්‍රතීතකරණයට ලක් වී ඇති විෂය පථයන්

  • ආහාර නිෂ්පාදන, බීම වර්ග සහ දුම් කොළ
  • රෙදිපිළි සහ රෙදිපිළි නිෂ්පාදන
  • රබර් සහ ප්ලාස්ටික් නිෂ්පාදන
  • විද්‍යුත් සහ ප්‍රකාශ උපකරණ (ගෘහාශ්‍රිත උපකරණ ඇතුළුව)

  • සම්භාණ්ඩ සහ සම්භාණ්ඩ නිෂ්පාදන අළුත්වැඩියා කිරිම
  • කොන්ක්‍රීට්, සිමෙන්ති , හුණු, බදාම
  • දැව සහ දැවමය භාණ්ඩ
  • භෝජනාගාර සහ ආපනශාලා
  • යන්ත්‍රසුත්‍ර සහ උපකරණ
  • යන්ත්‍රසුත්‍ර සහ වෙනත් උපකරණ අළුත්වැඩියා කිරිම
  • කාර්මික යන්ත්‍රසුත්‍ර ස්ථාපනය කිරිම
  • මොටර් රථ හා මොටර් බයිසිකල් තොග සහ සිල්ලර විකිණිම හා අළුත්වැඩියා කිරිම
  • තොග සහ සිල්ලර විකිණිම (මොටර් රථ හා මොටර් බයිසිකල් හැර)
  • හොටල් සහ භෝජනාගාර
  • සම් සහ සම් භාණ්ඩ ආශ්‍රිත නිෂ්පාදන
  • විද්‍යුත් හා ප්‍රකාශ උපකරණ අළුත්වැඩියා ආයතන (ගෘහස්ථ උපකරණ ද ඇතුළුව)

අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය විසින් ප්‍රතීතකරණයට ලක් වී ඇති විෂය පථයන්

  • ආහාර ද්‍රව්‍ය, බීම වර්ග සහ දුම් කොළ භාවිත නිෂ්පාදනය
  • රෙදිපිළි සහ රෙදිපිළි ද්‍රව්‍ය නිෂ්පාදනය
  • රසායන ද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය, නිෂ්පාදන කෙඳි වර්ග සහ ඖෂධ නිෂ්පාදනය
  • රබර් සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනය
  • ලෝහමය නොවන ඛනිජ ද්‍රව්‍ය නිෂ්පාදනය
  • විද්‍යුත් හා ප්‍රකාශ උපකරන නිෂ්පාදනය
  • ගොඩනැඟිලි සහ සිවිල් ඉංජිනේරු කර්මාන්තය
  • විදුලි බලය සැපයීම
  • යන්ත්‍රසුත්‍ර සහ උපකරණ සවි කිරිම හා අළුත්වැඩියා කිරිම
  • මොටර් රථ හා මොටර් බයිසිකල් විකිණිම, නඩත්තු කිරිම හා අළුත්වැඩියා කිරිම
  • නවාතැන් පහසුකම් සහ ආහාර සැපයීම පිළිබඳ කටයුතු

ආහාර සුරක්ෂිතතා කළමණාකරණ පද්ධති සහතිකකරණය ((HACCP, ISO 22000)

උපද්‍රව විශ්ලේෂණය සහ අති අවදානම් පාලන ස්ථාන (HACCP) සහ ආහාර සුරක්ෂිතතා කළමණාකරණ ක්‍රමවේද (SLS 1266 සහ ISO 22000) ප්‍රමිති මත පාදක වන ආහාර නිපැයුම් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත සහ වාණිජමය ව්‍යාපාර සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලබා දෙන තවත් එක් සේවාවක් වනුයේ ආහාර සුරක්ෂිතතා කළමණාකරන සහතිකකරණ සේවාවයි. ආහාර සුරක්ෂිතතා කළමණාකරන සහතික ප‍ත්‍රයක් ලබා ගන්නා ආයතනයක් විසින් ස්වකීය නිෂ්පාදන සහ සේවාවන්හි ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ ක්‍රම වේදය ජාත්‍යන්තර ප්‍රමිතීන් වන HACCP සහ ISO 22000 යන ප්‍රමිතීන් හි අන්තර්ගත නිර්ණායක අනුව පවත්වා ගනු ලබන බවට ලොවම පිළිගත් සහතිකකරණයකට හිමිකම් ලබයි .

මෙම HACCP සහ ISO 22000 සහතිකපත්‍ර ක්‍රම වේද දෙකම ජාත්‍යන්තර කීර්තිමත් ප්‍රතීතන ආයතනයක් වන නෙදර්ලන්ත ප්‍රතීතන ආයතනය ( RvA ) මඟින් මෙන්ම අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය ( SLAB ) විසින් නිරන්තරව අධීක්ෂණය කර අනුමත කර ඇත. එබැවින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ප්‍රධානය කරන HACCP සහ ISO 22000 සහතික ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලබන සහතික වන අතර ඒ මඟින් ආහාර නිෂ්පාදනයේදී රසායනික‚ භෞතික හා ජීවවිද්‍යාත්මක සාධක මත පදනම්ව ආහාර දාමය තුල ඇති විය හැකි මිනිස් පරිභෝජනයට අන්තරාදායක වන උපද්‍රව හඳුනා ගැනීමත් ඒවා ‍පාලනය කිරීමත් එමඟින් නිෂ්පාදනය කරන ලද ආහාර මානුෂීය පාරිභෝජනය සඳහා ආරක්ෂිත බවත් සනාථ කරනු ලැබේ.

නෙදර්ලන්ත ප්‍රතීතන ආයතනය ( RvA ) මඟින් ආවරණය කරන ලද ආහාර නිෂ්පාදිත ව්‍යාපාර කාණ්ඩ ‍වනුයේ‚

ISO 22000 සහතිකය සඳහා

-    වහා නරක්වන සුළු සත්ත්ව‍මය සම්භවයක් ඇති නිෂ්පා‍දන ( සැකසුම් කාණ්ඩ 01 )  

-    වහා නරක්වන සුළු ශාකමය සම්භාවයක් ඇති නිෂ්පා‍දන   (සැකසුම් කාණ්ඩ 02 )

-    කාමර උෂ්ණත්ව තත්ව ය‍ටතේ දිගු ආයු කාලයක් ඇති නිෂ්පා‍දන (සැකසුම් කාණ්ඩ 03 )  

-    ආහාරපාන සැපයුම් සේවා

-    ආහාරපාන බෙදාහැරීම් සේවා

-    ආහාරපාන ප්‍රවාහනය ‍හා ගබඩා කිරීමේ සේවා

-    (ජෛවමය සම්භාවයකින් යුත්) රසායනික ද්‍රව්‍ය(ඹෟෂධ) නිෂ්පා‍දන කර්මාන්ත

SLS 1266 (HACCP) සහතිකය සඳහා

-    වහා නරක්වන සුළු සත්ත්ව‍මය සම්භවයක් ඇති නිෂ්පා‍දන ( සැකසුම් කාණ්ඩ 01 )  

-    වහා නරක්වන සුළු ශාකමය සම්භාවයක් ඇති නිෂ්පා‍දන   (සැකසුම් කාණ්ඩ 02 )

-    කාමර උෂ්ණත්ව තත්ව ය‍ටතේ දිගු ආයු කාලයක් ඇති නිෂ්පා‍දන (සැකසුම් කාණ්ඩ 03 )  

-    ආහාරපාන සැපයුම් සේවා

-    ආහාරපාන බෙදාහැරීම් සේවා

-    ආහාරපාන ප්‍රවාහනය ‍හා ගබඩා කිරීමේ සේවා

-    (ජෛවමය සම්භාවයකින් යුත්) රසායනික ද්‍රව්‍ය(ඹෟෂධ) නිෂ්පා‍දන කර්මාන්ත

ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය( SLAB ) මඟින් ආවරණය කරන ලද ආහාර නිෂ්පාදිත ව්‍යාපාර කාණ්ඩ ‍වනුයේ‚

ISO 22000 සහතිකය සඳහා

-    වහා නරක්වන සුළු සත්ත්ව‍මය සම්භවයක් ඇති නිෂ්පා‍දන ( සැකසුම් කාණ්ඩ 01 )  

-    වහා නරක්වන සුළු ශාකමය සම්භාවයක් ඇති නිෂ්පා‍දන   (සැකසුම් කාණ්ඩ 02 )

-    කාමර උෂ්ණත්ව තත්ව ය‍ටතේ දිගු ආයු කාලයක් ඇති නිෂ්පා‍දන (සැකසුම් කාණ්ඩ 03 )  

-    ආහාරපාන සැපයුම් සේවා

-    ආහාරපාන බෙදාහැරීම් සේවා

-    ආහාරපාන ප්‍රවාහනය ‍හා ගබඩා කිරීමේ සේවා

-    (ජෛවමය සම්භාවයකින් යුත්) රසායනික ද්‍රව්‍ය(ඹෟෂධ) නිෂ්පා‍දන කර්මාන්ත

SLS 1266 (HACCP) සහතිකය සඳහා

-    වහා නරක්වන සුළු සත්ත්ව‍මය සම්භවයක් ඇති නිෂ්පා‍දන ( සැකසුම් කාණ්ඩ 01 )  

-    වහා නරක්වන සුළු ශාකමය සම්භාවයක් ඇති නිෂ්පා‍දන   (සැකසුම් කාණ්ඩ 02 )

-    කාමර උෂ්ණත්ව තත්ව ය‍ටතේ දිගු ආයු කාලයක් ඇති නිෂ්පා‍දන (සැකසුම් කාණ්ඩ 03 )  

-    ආහාරපාන සැපයුම් සේවා

-    ආහාරපාන බෙදාහැරීම් සේවා

-    ආහාරපාන ප්‍රවාහනය ‍හා ගබඩා කිරීමේ සේවා

-    (ජෛවමය සම්භාවයකින් යුත්) රසායනික ද්‍රව්‍ය(ඹෟෂධ) නිෂ්පා‍දන කර්මාන්ත

යහපත් නිෂ්පාදන පිළිවෙත් සහතිකකරණය

යහපත් නිෂ්පාදන පිළිවෙත් සදහා වන සහතිකකරණය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් පවත්වා ගෙන යනු ලබන්නේ එක් එක් ක්ෂේත්‍රයන් හා සම්බන්ධ ශ්‍රී ලංකා ප්‍රමිතින්ට අදාළ භාවිත සංග්‍රහයට අනුකූලවය.

අධීක්ෂණය කරනු ලබන ක්‍රියාකාරකම්

  1. 1.අවශ්‍ය පමණ ඉඩකඩ සහිත සුදුසු පරිශ්‍රය සහ උපකරණ
  2. 2.ක්‍රියාවලියන් පාලනය
  3. නඩත්තුව සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද
  4. පුද්ගල ස්වස්ථතාවය
  5. ප්‍රවාහනය
  6. පළිබෝධ පාලනය
  7. පුහුණුව
  8. භාණ්ඩ සහතිකකරණය
  9. කසල කළමනාකරණය
  10. ඇසුරුම්කරණය හා නම් කිරිම

වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති සහතිකකරණය (OHSAS 18001)

මෙම සහතිකකරණ ක්‍රියාවලිය යම් ආයතනයක වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්ෂිතතා හා අවදානම් අවස්ථාවන් පාලනය කිරීම සහ සේවකයන් හා සම්බන්ධ අවදානම් තත්ත්ව අවම කිරීම තුලින් ආයතනයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම පහසු කරයි.

බලශක්ති කළමනාකරණ පද්ධති සහතිකකරණය ( ISO 50001)

දත්ත සහ තොරතුරු රැස් කිරීම ඇසුරෙන් බලශක්ති කාර්යක්ෂමතාව පවත්වාගෙන යාම සහ වැඩිදියුණු කිරීම සඳහා උපයෝගි කරගත හැකි ක්‍රියාවලිදාමයක් බලශක්ති කළමනාකරණ පද්ධතියක් මඟින් හඳුන්වා දෙන අතර එමඟින් ආයතනයක ක්‍රියාවලීන්ගේ කාර්යක්ෂමතාව වැඩිදියුණු වීම, බලශක්ති පරිභෝජනය අඩු වීම, පාරිසරික බලපෑම් ඌනනය වීම ද සිදු වේ.

බලශක්ති කළමනාකරණ පද්ධතියක් ආයතනයක් තුළ ස්ථාපිත කීරිමේදී එම ආයතනයේ ස්වභාවය, විශාලත්වය සහ එමඟින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හෝ එයින් සැපයෙන සේවාවන් ඒ සඳහා බලනොපාන්නේය.

කාබනික වගා සහතිකකරණ ක්‍රමවේද‍ය

මෙම සහතික ක්‍රමය යටතේ ආහාර හෝ කෘෂිකාර්මික නිෂ්පා‍දනයන් හිදී කෘතිම ලෙස නිපදවන       කෘෂිනාශක‚ රසායනික පොහොර යොදා නොගන්නා බවටත් ජාන තාක්ෂණික ලෙ‍ස නිපදවූ ආහාර සංඝටක අන්තර්‍ගත නොවන බවටත් එසේම එම ‍ආහාර ද්‍රව්‍ය විකිරණශීලි උපක්‍රම හෝ කාර්මික රසායනික ද්‍රව්‍ය යොදා සකස් නොකරන බවටත් සහතික කරනු ලැබේ. කළමණාකරන පද්ධතියක් ලෙස මේ මඟින් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට පරිසර‍ය සමඟ ඒකාබද්ධ සහජීවී පාංශු හා ජල ප්‍රභව ආරක්ෂා කරමින් ජෛව විවිධත්වය වඩාත් සාරවත් වන ආකාරයට ස්වභාවික සම්පත් හා බලශක්ති භාවිතය වගකීමකින් යුතුව හසුරුවාලමින් කාබනික වගාවන් සිදු කරලීම තහවුරු කරනු ලැබේ.

ආවරණ වන විෂය පථයන්

-                      කාබනික නිෂ්පාදක නිෂ්පා‍දනය‚ සැකසීම‚ හසුරාලීම‚ ‍ ගබඩා කිරීම හා ප්‍රවාහනය

-                      සැකසූ කෘෂිකාර්මික හා පශු සම්පත් නිෂ්පා‍දන

-                      මනුෂ්‍ය පාරිභෝජනයට යොදාගැනීමට අදහස් කරන කෘෂිකාර්මික හෝ පශු සම්පත් නිෂ්පා‍දිත

-                      සත්ත්ව පාරිභෝජනය ‍පිණිස යොදාගැනීමට අදහස් කරන පෝෂණ ද්‍රව්‍යය

-                      කාබනික ද්‍රව්‍ය   නිෂ්පා‍දනයට යොදාගැනීමට අදහස් කරන කෘෂිකාර්මික හෝ පශුවෛද්‍යමය සම්මිශ්‍රණ

සුපිරි වෙළඳසැල් කළමණාකරණ සහතිකකරණය

මෙම සහතිකය පිරිනමනු ලබන්නේ SLS 1432 : 2011 (සුපිරිවෙළදසැල් සදහා බල පවත්නා යහපත් නිෂ්පාදන අවශ්‍යතාවන්) යන ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලවය.

සුපිරිවෙළදසැල් කළමණාකරණ සහතිකය ඔස්සේ සුපිරිවෙළදසැල්හි ක්‍රියාකාරකම් අදාල ප්‍රමිතියෙහි අවශ්‍යතාවන්ට අනුකූලව පවත්වා ගෙන යාම තුළින් ආහාරපාන වලට සිදුවන හරස් දුහනය වළක්වා ගත හැක.

නිර්මාංශ ආහාර පාන පද්ධති සහතිකකරණය

අමුද්‍රව්‍ය භාවිතය, ගබඩා කිරිම, පරිහරණය, පිසීම, බෙදා හැරීම හා ප්‍රවාහනය යන සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය තුලදි යම් ආහාරපානයක් නිර්මාංශ ආහාරයක් ලෙස තහවුරු කිරිම මෙම සහතිකකරණය මඟින් සිදු කරනු ලබයි.

විදාතා සහතිකකරණය‍

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන යහපත් හා උසස් තත්ත්වයෙන් නිෂ්පාදනය කිරිම සඳහා ඉදිරිපත් කර ඇති සහතික කිරිමේ ක්‍රියාවලියකි.