govlk

හැඳින්වීම

ජනප්‍රිය ලෙස ‘SLS ලාංජන ක්‍රමය මෙන් හැඳින්වෙන නිෂ්පාදිත සහතිකකරණ ක්‍රමය යනු නිෂ්පාදිතයක තත්ත්වය පිළිබඳ තෙවන පාර්ශව සහතික කිරීමකි. මෙම ක්‍රමය මගින්, ශ්‍රී ලංකා ප්‍රමිති වලට අනුකූලව භාණ්ඩ නිෂ්පාදනය කරන දේශීය මෙන්ම විදේශීය නිෂ්පාදකයින්ට ඔවුන්ගේ නිෂ්පාදිත වල ‘SLS’ ලාංජනය සලකුණු කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම පිණිස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බලය පවරනු ලැබේ. 1984 අංක 6 දරණ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත සහ එහි රෙගුලාසි මගින් නිෂ්පාදකයින්ට බලපත්‍ර නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බලාත්මක කර තිබේ.

නිෂ්පාදිත සහතිකකරණ ක්‍රමය ඉඳුරාම ස්වභාවයෙන්ම ස්වෙච්ඡා ක්‍රමයකි. කෙසේවුවද, SLS ලාංජනය 1979 අංක 1 දරණ පාරිභෝගික ආරක්ෂණ පනතේ සහ 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරි පනතේ විධි විධානවලට යටත්ව පිළියෙල කරන ලදී. කෙසේ වුවද, මෙම රෙගුලාසිය නොවෙනස්ව පවතී.

භාණ්ඩයක හෝ නිෂ්පාදිතයක සහතික ලකුණ යෙදීමෙන් අදහස් වන්නේ එම භාණ්ඩය හෝ නිෂ්පාදිතය දිගින් දිගටම අදාල ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකුලව නිෂ්පාදනය කරන බව සහ මිලදී ගැනීමේදී තත්ත්වය පිලිබඳ සෑහෙන ලෙස තහවුරු කළ හැකි බවය. පිරිවිතරෙහි අවශ්‍යතාවලට අනුකූලත්වය, සුදුසුකම් ලත් විගණකවරුන් විසින් පවත්වන ලද විගණනවලින් සහ නිෂ්පාදිත පරීක්ෂා කිරීම තුළින් තහවුරු කෙරේ.

ආයතනයේ පොදු ප්‍රතිපත්තිය වන්නේ සහතික ලාංජන ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී අදාල ප්‍රමිතියට අනුකූලවීම පිලිබඳ වගකීම නිෂ්පාදකයා විසින් දැරිය යුතු බවය. මෙය අත්කර ගැනීම පිණිස සෑම බලපත්‍ර ලාභියෙක්ම ආයතනය මගින් ප්‍රකාශිත උපදෙස්මාලා අනුව සකස් කළ සුදුසු තත්ත්ව ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කල යුතුය. තත්ත්ව පද්ධතිය ලේඛණගත කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම ඔහු විසින් දැරිය යුතු අතර තත්ත්ව පද්ධතියේ නිරන්තර සඵලත්වය විධිමත් කාලච්ජේදවලදී සුදුසුකම් ලත් නිලධාරීන් විසින් සත්‍යාපනය කළ යුතුය.