Tamil-Sri LankaEnglish (United Kingdom)

විදේශීය රසායනාගාර ලියාපදිංචි කිරීම

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් ක්‍රියාත්මක කෙරෙන ආනයන පරීක්ෂණ ක්‍රමය යටතේ, ශ්‍රී.ලං.ප්‍ර.ආ. විසින් පිළිගත් විදේශීය රසායනාගාරයකින් අනුකූලතා සහතිකයක සහාය ඇති ආනයනයන භාණ්ඩ නිෂ්කාශනය සඳහා අනුමත කෙරෙන අතර පරික්ෂණ වාර්තාවල නිරවද්‍යතාව සහතික කිරීම සඳහා අහඹු පදනමින් නියැදි ලබා ගැනේ. අදාල රසායනාගාරයේ තත්ත්වය පිළිබඳ යම් වෙනසක් ශ්‍රී.ලං.ප්‍ර.ආ. දැනුම් දෙන තුරු මෙම ක්‍රියාපටිපාටිය වලංගු වේ. තත්ත්වයෙහි වෙනස දැනුම්දෙන තෙක් රසායනාගාරය විසින් සහතික කරන ලද තොග අනුමත කරනු ලැබේ.

ලියාපදිංචිය සඳහා ක්‍රියාපටිපාටිය හා සහතික කිරීම සඳහා කොන්දේසි පහත දක්වා ඇත.

1. ලියාපදිංචිය සඳහා කොන්දේසි

මෙම ක්‍රමය යටතේ ලියාපදිංචිය සඳහා රසායනාගාර වර්ග දෙකක් හඳුනා ගැනේ.

බලය පවරන ලද රසායනාගාර:

ඔවුන්ගේම රටේ ජාතික  ප්‍රතීතන මන්ඩල හෝ වෙනත් යම් ජාත්‍යන්තර ආයතනයක් මගින් අදාල ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරවල නිශ්චය කර ඇති පරීක්ෂණ හෝ ඊට සමාන පරීක්ෂණ කිරීම සඳහා බලය පවරන ලද මෙම රසායනාගර, රසායනාගාරය මගින් ඉදිරිපත් කෙරෙන ලේඛන විමසා බැලීමේ කොන්දේසියට යටත්ව මෙම ක්‍රමය යටතේ පිළිගනු ලැබේ. කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය හා සම්බන්ධ පරිපාලනමය පිරිවැය ආවරණය කිරීම සඳහා ගාස්තුවක් අය කරනු ලැබේ.

එවැනි රසායනාගාරයක් ශ්‍රී.ලං.ප්‍ර.ආ. සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැමැත්තේ නම් පහත සඳහන් කොන්දේසි අදාල වේ.

(අ)  මෑතකදී සිදු කරන ලද අභ්‍යන්තර විගණන වාර්තාවක් හා සමග රසායනාගාර අත්පොත සහ සහතිකයේ පිටපත් ශ්‍රී.ලං.ප්‍ර.ආ. වෙත ඉදිරිපත් කළ යුතු වේ.

(ආ) අයැදුම්පත ඉදිරිපත් කිරීමේදී ශ්‍රී.ලං.ප්‍ර.ආ. වෙත ගෙවීමක් (ගොනුවකට ඈඳුම) කළ යුතු වේ.

ක්‍රමයේ තත්ත්වය හා ප්‍රතීතන ආයතනය පිළිබඳව ශ්‍රී.ලං.ප්‍ර.ආ. තෘප්තිමත් වේ නම් පහත සඳහන් කොන්දේසි වලට යටත්ව වර්ෂ 3කට වලංගු වන අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලෙස ශ්‍රී.ලං.ප්‍ර.ආ. රසායනාගාර කළමනාකාරිත්වය වෙත දැනුම් දෙනු ඇත.

i) සෑම වර්ෂයකම 1 වැනි කාර්තුව තුළ වාර්ෂික ලියාපදිංචි කිරීමේ ගාස්තුවක් ගෙවිය යුතුය.

ii) යම් නව නිෂ්පාදිතයක් ඇතුළත් කෙරෙන්නේ නම් ප්‍රතීතන විෂයපථ හා සමග අමතර ගෙවීමක් ශ්‍රී.ලං.ප්‍ර.ආ. වෙත ඉදිරිපත් කළ යුතුය.

iii) ප්‍රතීතනයට අදාල තත්ත්වයෙහි යම් වෙනස්කම් සම්බන්ධයෙන් ශ්‍රී.ලං.ප්‍ර. ආයතනයට දැනුම්දීම රසායනාගාරයෙහි වගකීම වේ.

iv) කිසිදු බැඳීමකින් තොරව ගිවිසුම අවසන් කිරීමේ අයිතිය පාර්ශ්වයන් දෙකටම ඇත.

v) අවම වශයෙන් කල් ඉකුත් වීමේ දිනයට පෙර අවබෝධතා ගිවිසුම නැවත තහවුරු කළ යුතු වේ.

1.2 බලය පැවරීම රහිත ජාත්‍යන්තර වශයෙන් පිළිගත් රසායනාගාර කළමනාකරණ ක්‍රමයක් සහිත රසායනාගාරය

මෙම රසායනාගාර වලට EN 45002 (පරීක්ෂණ රසායනාගාර සඳහා පොදු නිර්ණායක) හෝ ISO / IEC මාර්ගෝපදේශනය 1705 මත පදනම් වූ තත්ත්ව ක්‍රමයක් ඇත.

එවැනි රසායනාගාරයක් ශ්‍රී.ලං.ප්‍ර.ආ. සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැමැත්තේ නම් පහත සඳහන් කොන්දේසි අදාල වේ.

(අ) මෑතකදී සිදු  කරන ලද අභ්‍යන්තර විගණන වාර්තාවක් හා සමග රසායනාගාර අත්පොත හා සහතිකයෙහි පිටපතක් ශ්‍රී.ලං.ප්‍ර.ආ. වෙත ඉදිරිපත් කළ යුතුය.

(ආ) අයැදුම්පත සමග GL-11-05 හි B.1 (ඇමුණුම 5 බලන්න) අනුව ගාස්තුවක් ගෙවිය යුතුය.

ක්‍රමයෙහි තත්ත්වය හා ප්‍රතීතන ආයතනය ගැන ශ්‍රී.ලං.ප්‍ර.ආ. සෑහීමකට පත් වේ නම්, පහත සඳහන්  කොන්දේසි වලට යටත් ව වර්ෂ 03කට වලංගු වන අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලෙස ශ්‍රී.ලං.ප්‍ර.ආ. රසායනාගාර කළමනාකාරිත්වයට දැනුම් දෙනු ඇත.

i) සෑම වර්ෂයකම 1 වැනි කාර්තුව ඇතුළතදී වාර්ෂික ලියාපදිංචි කිරීමේ ගාස්තුවක් ගෙවිය යුතුය.

ii) නව නිෂ්පාදිතයන් ඇතුළත් කිරීමට අවශ්‍ය නම් ප්‍රතීතන විෂයපථය දැනුම්දීම සමග ශ්‍රී.ලං.ප්‍ර.ආ. වෙත අමතර ගෙවීමක් කළ යුතු වේ.

iii)ප්‍රතීතන තත්ත්වයෙහි යම් වෙනසක් වේ නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රී.ලං.ප්‍ර.ආ. වෙත දැනුම්දීම රසායනාගාරයෙහි වගකීම වේ.

iv) කිසිදු බැඳීමකින් තොරව ගිවිසුම අවසන් කිරීමේ අයිතිය දෙපාර්ශ්වයටම හිමි වේ.

v) අවම වශයෙන් කල් ඉකුත් වීමේ දිනයට පෙර අවබෝධතා ගිවිසුම යළි තහවුරු කළ යුතුය.

1.2.1 රසායනාගාර කළමනාකරණ ක්‍රම අධීක්ෂණය :

1.2.අ හා 1.2ආ වගන්ති අවශ්‍යතා වලට අනුකූලව රසායනාගාරය වෙත ගොස් භාවිතා කෙරෙන ක්‍රමයෙහි තත්ත්වය, පරීක්ෂණ පිළිබඳ දැනුවත් බව, පරික්ෂණ උපකරණ පිළිගත හැකි බව, පරික්ෂණ හැකියාවන් හා වාර්තා කිරීමේ ක්‍රමවේදය පිළිබඳව වාර්තා කිරීම සඳහා ශ්‍රී.ලං.ප්‍ර.ආ. සුදුසුකම් සහිත විගණන කණ්ඩායමක් පත් කරනු ඇත.

1.2.2 මණ්ඩලයෙහි ස්වභාවය :

අදාළ සහකාර අධ්‍යක්ෂවරුන් හා සාකච්ඡා කිරීමෙන් අනතුරුව අධ්‍යක්ෂවරයා (ත.ස.)  විගණනය සිදු කර අදාල නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හරහා අනුමැතිය සඳහා අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කිරීම සඳහා සුදුසුකම් ලත් කණ්ඩායමක් නම් කළ යුතුය.

මණ්ඩලය අවම වශයෙන් සාමාජිකයන් දෙදෙනෙකුගෙන් සමන්විත විය යුතු අතර ඉන් එක් අයෙකු පරීක්ෂණ පිළිබඳ විශේෂඥයෙකු විය යුතු වේ.

අපනයනය කරන රටේ ජාතික ප්‍රමිති ආයතනයෙහි නිලධාරීන් හා / හෝ එම රටෙන් තෝරාගත් වෙනත් විශේෂඥයන් එම මණ්ඩලයේ නිලධාරින් වෙනුවට පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් යෙදවීම ශ්‍රී.ලං.ප්‍ර. ආයතනයට සලකා බැලිය හැකිය.

1.3 අනුමැතිය:

අධ්‍යක්ෂ ජනරාල්, අදාල නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යක්ෂ (තත්ත්ව සහතික) සහ අධ්‍යක්ෂ (රසායනාගාර සේවා) යන අයගෙන් සමන්විත කමිටුවක් මගින් රසායනාගාර ලියාපදිංචිය සඳහා අනුමැතිය ලබා දිය යුතු වේ.

අවශ්‍ය විටෙක කමිටුවට උපදෙස් දීම සඳහා, සැලකිල්ලට භාජනය කරන ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥයෙකුට ආරාධනා කළ හැකිය.

1.4 අදාල ගාස්තු :

නාමමාත්‍ර පරිපාලනමය පිරිවැය අය කෙරෙනු ඇත.

1.5 ලියාපදිංචිය වලංගු වන කාලසීමාව :

අනුමැතිය වර්ෂ තුනකට වලංගු වේ. වර්ෂ තුනකට පසු කෙරෙන නව ඇගයීමකට යටත්ව ලියාපදිංචියේ තත්ත්වය යළි තහවුරු කිරීමට හැකියාව ඇත. කෙසේ වෙතත්, අදාල ගෙවීම් කිරීම හා නිෂ්පාදිතයෙහි අනුකූලතාවට යටත්ව ලියාපදිංචියේ තත්ත්වය වාර්ෂිකව අළුත් කළ හැකිය.

1.6 විරෝධතා :

ක්‍රියාපටිපාටීන්  හෝ පරීක්ෂණවල කවර  හෝ විරෝධතා වෙත්නම් ඒවා සලකා බැලීම සඳහා මූලිකව රසායනාගාරයෙහි අවදානමට යොමු කළ යුතුය. එවැනි විරෝධතා සම්බන්ධ කවර ‍හෝ පරීක්ෂණ හා ඇගයීම් සඳහා රසායනාගාරය සහයෝගය දැක්වීම අවශ්‍ය කෙරේ.

එවැනි විරෝධතා කාලසීමාවලදී සහතිකවල පිළිගත හැකි බව ගැන ශ්‍රී.ලං.ප්‍ර.ආ. තීරණය කරනු ඇත.

1.7 අවලංගු කිරීම :

ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටිවල හෝ ශ්‍රී.ලං.ප්‍ර.ආ. සමග අත්සන් කරන ලද  අව‍බෝධතා ගිවිසුමෙහි, කොන්දේසි කවර ආකාරයකින් හෝ උල්ලංඝනය කිරීම, කමිටුවෙහි ආවරණ අනුමැතියට යටත්ව, කලින් දැනුම්දීමක් ඇතිව හෝ නොමැතිව ලියාපදිංචිය අවලංගු කිරීමට හේතු වනු ඇත. (1.3 වගන්තිය)

1.8 අභියාචනා :

අනුමැතිය හා සම්බන්ධ කවර හෝ කරුණකට අදාල අභියාචනා එක් මසක කාලයක් ඇතුළත ශ්‍රී.ලං.ප්‍ර. ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්  වෙත ඉදිරිපත් කළ යුතු අතර ඒවා මණ්ඩලය විසින් සමාලෝචනය කෙරේ. එහි තීරණය අවසන් තීරණය වේ.

2 සංශෝධන :

ඉහත ක්‍රියාපටිපාටිය ශ්‍රී.ලං.ප්‍ර.ආ.  මණ්ඩලය විසින් පූර්ව දැනුම් දීමකින් තොරව සංශෝධනය  කිරීමේ හැකියාව ඇත. එක් එක් සිද්ධිය තනිව ගෙන ඇගයීමෙන් අනතුරුව එවැනි සංශෝධන වල හානිකර බලපෑමට ලක් වන යම් පාර්ශ්වයක් වේ නම් සහන සැලසිය හැකිය.

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
New Sri Lanka Standards Catalogue This content is only available in English    The new  Sri Lanka Standards Catalogue has been published and is available for sale at the SL... Read more
National Quality Awards-2015 This content is only available in English    Congratulations to award winners ! National Quality Awards-2015WINNERS Service - Large Cate... Read more

© ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. සියලු හිමිකම් ඇවිරිණි
17 වික්ටෝරියා ස්ථානය, ඇල්විටිගල මාවත, කොළඹ 08.

නිමැවුම සහ සම්බන්ධීකරණය