Tamil-Sri LankaEnglish (United Kingdom)

මිනුම් විද්‍යා රසායනාගාරය

මිනුම් විද්‍යාව යනු මිනුම් පිළිබඳ විද්‍යාව හා තාක්ෂණයයි. දැනුම බොහෝ දුරට මිනුම් මත රඳා පවතී. මිනුම් පිළිබඳ තාක්ෂණය වන උපකරණ සම්පාදනය විද්‍යාවට පමණක් නොව ඉංජිනේරු ශිල්පයේ හා වෛද්‍ය විද්‍යාවේ සියළු අංශවලට හා සෑම මානව ප්‍රයත්නයකට පාහේම සේවය සපයයි.

සත්‍ය වශයෙන්ම, යම් ප්‍රමාණයක් පාලනය කිරීම සඳහා කෙනෙකුට එය මැණීමේ හැකියාව තිබිය යුතුය. මිනුම් උපකරණ යෙදවීමේ ස්වභාවය, නැණවත් තෝරාගැනීම හා භාවිතය යන කරුණු ලබාගත හැකි උපකරණ හා ඒවායේ කාර්යසාධනය ඉටු කළ යුතු කාර්යයට ගැලපේද යන්න පිළිබඳ පුළුල් දැනුමක් මත තීරණය වේ. නවීන සමාජය නිවැරදි හා විශ්වාසනීය මිනුම් ප්‍රතිඵල ‍මත බො‍හෝ සෙයින් යැපෙන හෙයින් සියළු කර්මාන්තවලන හා ක්‍රමාංකන හා පරීක්ෂණ රසායනාගාර වල, මිනුම් කුසලතා සංවර්ධනය සඳහා අවශ්‍යතාවක් පවතී. මෙම පුළුල් පරාසයක වූ මිනුම් හැකියා අවශ්‍යතා ඉටු කිරීම පිණිස සංවර්ධිත රටවල් පුළුල් ජාතික මිනුම් පද්ධති පවත්වා ගනී.

අවසාන වශයෙන් ජාතික හා ජාත්‍යන්තර මිනුම් ප්‍රමිතිවලට අනුකූල වන තොරතුරු සොයාගත හැකි ක්‍රමාංකන සැකිල්ලක් මිනුම් ප්‍රතිඵල සතුවනු පිණිස, මිනුම් පිළිබඳ ජාතික පද්ධතියක ව්‍යුහය සඳහා මිනුම් ප්‍රතිඵල පිළිබඳ තොරතුරු ලබාගත හැකි වීමේ සංකල්පය අතිශයින් වැදගත් වේ.

දැඩි අවධානය යොමු කළ යුතු අවශ්‍යතා සහිත හා තරඟකාරී වර්තමාන වෙළඳපොළවල, යහපත් නිෂ්පාදිත සැලසුම් හා කාර්යක්ෂම නිෂ්පාදනයට විශ්වාසනීය මිනුම් හා පරීක්ෂණ ප්‍රතිඵලවල සහාය අවශ්‍ය කෙරේ. භාණ්ඩවල ගුණාත්මකබව, කාර්යසාධනය හා විශ්වාසනීයබව සිය අවශ්‍යතා හැ සැසඳීම මිලදී ගන්නන්ගේ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව වේ. එසේ හෙයින් නිෂ්පාදන කර්මාන්ත ලෝක වෙළඳපොලේ තරඟයට මුහුණදිය හැකි ආකාරයේ නිෂ්පාදිත හා සේවාවන්ටමගපාදන්නා වූ මිනුම් ප්‍රතිඵල වල විශ්වාසනීයත්වය වැඩි දියුණු කිරීමේ ආකල්ප හා පිළිවෙත් යොදා ගත යුතුව ඇත. හොඳින් ස්ථාපනය වූ ජාතික මිනුම් පද්ධතියක් තුළින් මෙය සාක්ෂාත් කරගත හැකි වේ. යහපත් මිනුම් පිළිවෙත් උත්තේජනය කිරීමේ හා ජාතියේ අභිවෘද්ධිය පිණිස නිවැරදි හා තොරතුරු ලබපාගත හැකි මිනුම් සිදු කිරීමේ හැකියාව ව්‍යාපාරවලට ලබා දීමේ වගකීම ජාතික මිනුම් පද්ධතිය (NMS) වෙත පැවරී ඇත. මිනුම් යටිතලය පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ස්ථාවරය ජාත්‍යන්තර මට්ටමේදී නියෝජනය කිරීමෙන් මෙම වගකීම ඉටු කරනු ලැබේ. යහපත් මිනුම් පිළිවෙත් හේතුවෙන් වෙළඳාම හා පාරිභෝගික ආරක්ෂාව වැඩි දියුණු වීම, වඩා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් පවත්වාගැනීම හා වඩා ඵලදායී සෞඛ්‍ය හා ආරක්ෂක පිළිවෙත් බිහිවීම සිදුවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස වඩා යහපත් ජීවන තත්ත්වයක් අත්වීම සිදු වේ. එමෙන්ම එය දේශීය වශයෙන් මෙන්ම අපනයනයන්හිදීද ව්‍යාපාරවල තරගකාරිත්වය වැඩි දියුණු කිරීමටද හේතු වේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මිනුම් විද්‍යා අංශය, යාන්ත්‍රික හා තාප ක්‍රමාංකනය සදහා ISO 17025 ප්‍රතීතනය ලබා ඇත. ප්‍රවීණතාව, අපක්ෂපාතී බව හා හැකියාව ප්‍රතීතනය මගින් හැඟවෙන බැවින් එය, රසායනාගාරයේ තේරීමේදී දැනුවත්ව තීරණයක් ගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දෙයි. ප්‍රතීතනය ලදක්‍රමාංකන රසායනාගාරයක් වීමෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මිනුම් විද්‍යා අංශය අපගේ ජාතික මිනුම් පද්ධතිය (NMS) තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
  • 3
  • 4
  • 5
තේ නිෂ්පාදිත සහතික කිරිමේ යෝජනා ක්‍රම තේ නිෂ්පාදිත සහතික කිරිමේ යෝජනා ක්‍රම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ශ්‍රි ලංකා තේ මණ්ඩලය හා එක්ව නිෂ්පාදන ක්‍රියාවලිය හා අවසාන නිෂ්පාදිතය,ප උදා: කළු තේ සහතික කිරීම පිණිස නිෂ්පාදිත සහ... Read more
16 වැනි වාර්ෂික ජාතික තත්ත්ව සම්මාන උළෙල 16 වැනි වාර්ෂික ජාතික තත්ත්ව සම්මාන උළෙල 16 වැනි වාර්ෂිත ජාතික තත්ත්ව සම්මාන උළෙල 2011 ජුනි මස 07 වැනි දින බ.ජා.ස.ශා දී ( BMICH)පවත්වන ලදි. ප්‍රධාන අමුත්තා වූයේ තාක්ෂණ හා පර්යේෂණ ගර... Read more
Workshop on New Seven Management Tools (N7) for continual improvement This content is only available in EnglishWorkshop on New Seven Management Tools (N7) for continual improvement2014-09-04 (English medium) fr... Read more
ISO 22000 Food Safety Management System - Auditor / Lead Auditor Course This content is only available in English    ISO 22000 Food Safety Management System - Auditor / Lead Auditor Course2014-11-17 to 2014-11-... Read more
Quality Symposium This content is only available in EnglishFirst Quality Symposium conducted by Sri Lanka Standards Institution 04 December 2014, BMICH) Broc... Read more

© ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. සියලු හිමිකම් ඇවිරිණි
17 වික්ටෝරියා ස්ථානය, ඇල්විටිගල මාවත, කොළඹ 08.

නිමැවුම සහ සම්බන්ධීකරණය