Tamil-Sri LankaEnglish (United Kingdom)

තොරතුරු සේවය

අපගේ දැක්ම

ප්‍රමිතිකරණය හා තත්ත්ව කළමනාකරණය පිළිබඳව තොරතුරු ගනුදෙනුකරුවා ඉලක්ක කරගෙන එකම වහලක් යටින් සපයන විශිෂ්ඨ තොරතුරු මධ්‍යස්ථානය බවට පත්වීම.

 

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙහි ප්‍රලේඛන හා තොරතුරු අංශය ප්‍රමිතිකරණය හා තත්ත්ව කළමනාකරණය පිළිබඳ ලිඛිත තොරතුරු එකම වහලක් යටින් ලබා දෙන තොරතුරු මධ්‍යස්ථානය වේ. විශේෂඥ දැනුමෙන් යුතු තොරතුරු මධ්‍යස්ථානයක් වන බැවින් අපි අපගේ සාමාජිකයන්ට ප්‍රමිති හා තත්ත්ව කළමනාකරණය පිළිබඳ සුවිශේෂී සම්පත් එකතුවක් ලබා දෙන්නෙමු. එකතුවෙන් වැඩි ප්‍රමාණයක්, ජාතික, ජාත්‍යන්තර හා විදේශීය ජාතික ප්‍රමිති හා කර්මික රෙගුලාසි වල පුළුල් හා යාවත්කාලීන එකතුවකින් සමන්විත වේ. ප්‍රමිති අනුව වැඩ කිරීම සංවිධානවලට නීතිමය හා නියාමන අවශ්‍යතා ඉටු කිරීමට උපකාරවත් වනවා පමණක් නොව ආරක්ෂාව හා සුරක්ෂිත බව පිළිබඳ වඩා පුළුල් අනුමිතීන්ට තර්කානුකූල දිගුවක් ලෙස ද ක්‍රියා කරයි. තවද, ප්‍රධාන වශයෙන්ම තත්ත්වය හා ප්‍රමිතිකරණය සහ ඒවා හා බැඳුණු ක්ෂේත්‍රවල පොත්, සඟරා, අත්පොත්, මාර්ගෝපදේශ ආදිය ඇතුළත් පුළුල් පරාසයක කෘතීන් මෙහි රැස් කර ඇත.

 

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ද ඇතුළු කාර්මික හා වෙළඳ ක්ෂේත්‍ර වල පුළුල් පදනමකට අයත් ගනුදෙනුකරුවන්ගේ හා පොදු ජනතාවගේ තීරණාත්මක තොරතුරු අවශ්‍යතා ඉටු කිරීම පිණිස සැලසුම් කරන ලද සේවාවන් ගණනාවක් මෙමගින් සපයනු ලැබේ. ඒ හැරුණු කොට සාමාන්‍ය පුස්තකාල සේවාවන්ද මෙහිදී සැපයේ.

ප්‍රමිති හා කාර්මික රෙගුලාසි පිළිබඳ WTO/TBT National Enquiry Point ලෙස ශ්‍රී.ලං.ප්‍ර.ආ. හි ප්‍රලේඛන හා තොරතුරු අංශය හඳුන්වනු ලැබේ.

 

වැඩිදුර විස්තර පහත සඳහන් ලිපි‍නයෙන් ලබාගත හැකි වේ:

ප්‍රලේඛන හා තොරතුරු අංශය
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
17, වික්ටෝරියා පෙදෙස,
ඇල්විටිගල මාවත,
කොළඹ 08.
දුරකථනය : + 94 11 2672615
ෆැක්ස් : + 94 11 2469749
ඊ මේල් : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
වෙබ් අඩවිය : http://www.slsi.lk

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
තේ නිෂ්පාදිත සහතික කිරිමේ යෝජනා ක්‍රම තේ නිෂ්පාදිත සහතික කිරිමේ යෝජනා ක්‍රම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ශ්‍රි ලංකා තේ මණ්ඩලය හා එක්ව නිෂ්පාදන ක්‍රියාවලිය හා අවසාන නිෂ්පාදිතය,ප උදා: කළු තේ සහතික කිරීම පිණිස නිෂ්පාදිත සහ... Read more
16 වැනි වාර්ෂික ජාතික තත්ත්ව සම්මාන උළෙල 16 වැනි වාර්ෂික ජාතික තත්ත්ව සම්මාන උළෙල 16 වැනි වාර්ෂිත ජාතික තත්ත්ව සම්මාන උළෙල 2011 ජුනි මස 07 වැනි දින බ.ජා.ස.ශා දී ( BMICH)පවත්වන ලදි. ප්‍රධාන අමුත්තා වූයේ තාක්ෂණ හා පර්යේෂණ ගර... Read more

© ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. සියලු හිමිකම් ඇවිරිණි
17 වික්ටෝරියා ස්ථානය, ඇල්විටිගල මාවත, කොළඹ 08.

නිමැවුම සහ සම්බන්ධීකරණය