Tamil-Sri LankaEnglish (United Kingdom)

තත්ත්ව පාලන ක්‍රම සහතික කිරීම

ආර්ථිකයෙහි සියළු අංශවල තත්ත්ව සහතික කිරීමේ කටයුතු ප්‍රවර්ධනය කිරීමේදී ශ්‍රී.ලං.ප්‍ර. ආයතනයෙහි තත්ත්ව පාලන ක්‍රම සහතික කිරීමේ කාර්යය වැදගත් භූමිකාවක් ඉටු කරන අතර පහත සඳහන් සහතික කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

තත්ත්ව කළමනාකරණ ක්‍රමය (ISO 9001)
පාරිසරික කළමනාකරණ ක්‍රමය (ISO 14001)
HACCP හා ආහාර ආරක්ෂාව  කළමනාකරණ ක්‍රමය (ISO 22000)
යහපත් නිෂ්පාදන පිළිවෙත් වැඩසටහන (GMP)
වෘත්තීය සෞඛ්‍යය හා ආරක්ෂාව පිළිබඳ
වැඩසටහන
(OHSAS 18001)

සහතික කිරීම ලබාගැනීමේ ක්‍රියා පටිපාටිය

සහතික කිරීමට පෙර සහතික කිරීම සඳහා අයදුම් කිරීම


ශ්‍රී.ලං.ප්‍ර.ආ. වාර්තාව / ඇගයීමට පූර්වයෙන් ප්‍රශ්නාවලිය මත පදනම්ව වැඩි දියුණු කිරීම


තත්ත්ව අත්පොත මත ප්‍රමාණවත්බව පිළිබඳ විගණනය


තත්ත්ව ක්‍රමයට වැඩි දියුණු කිරීම් සිදු කිරීම


1 අදියර විගණනය සිදු කිරීම


ක්‍රමයට වැඩි දියුණු කිරීම් සිදු කිරීම


ii අදියර විගණනය සිදු කිරීම


සහතික කිරීම

සහතික කිරීමෙන් පසු අධීක්ෂණය


යළි ඇගයීම

ප්‍රසිද්ධියේ කෙරෙන ප්‍රකාශනය
එහි කළමනාකරණ ක්‍රම සහතික කිරීමේ කටයුතු අපක්ෂපාතීව සිදු කිරීමේ වැදගත්කම  ශ්‍රී.ලං.ප්‍ර.ආ. අව‍බෝධ කරගෙන සිටින අතර බැඳියා පිළිගැටුම් කළමනාකරණය කර එහි කළමනාකරණ ක්‍රම සහතික කිරීමේ කටයුතු වල විෂය  නිශ්‍රිත බව සහතික කරයි.

ශ්‍රී.ලං.ප්‍ර. ආයතනයේ කළමනාකරණ ක්‍රම සහතික කිරීමට අදාල පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ක්‍රියා පටිපාටිය

  • කළමනාකරණ ක්‍රම සහතික කිරීමේ කටයුතු වලට අදාලව කවර හෝ සේවා දායකයෙකුගෙන් හෝ වෙනත් අදාල පාර්ශ්වයකින් ලැබෙන පැමිණිලි ශ්‍රී.ලං.ප්‍ර.ආ. භාරගනී.
  • යම් පැමිණිල්ලක්  භාරගැනීමෙන් පසු, එය පැමිණිලි ලේඛනයෙහි සටහන් කර පැමිණිල්ල ලැබුණු බව දන්වා යැවේ.
  • පැමිණිල්ල පිළිබඳ පරීක්ෂණ පවත්වා වාර්තාවක් පිළියෙල කෙරේ. මේ සම්බන්ධයෙන් සහතිකය දරන්නා හා පැමිණිලිකරු හමුවීම අවශ්‍ය විය හැකිය.
  • පැමිණිල්ලේ ප්‍රතිඵලය සහතිකය අත්හිටුවීම හෝ අවලංගු කිරීම සඳහා නිර්දේශයක් නම්, නිර්දේශය හා අනුමැතිය සඳහා වාර්තාව අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කෙරේ.
  • පැමිණිල්ලේ ප්‍රතිඵල පැමිණිලිකරු හා එයට සම්බන්ධ සේවා දායක යන දෙදොනටම දන්වනු ලැබේ.
  • කවර හෝ පාරිභෝගික පැමිණිල්ලක් පරීක්ෂා කිරීමේ චක්‍රය එක් මසක් තුළ අවසන් කිරිම සහතික කෙරේ.

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
New Sri Lanka Standards Catalogue This content is only available in English    The new  Sri Lanka Standards Catalogue has been published and is available for sale at the SL... Read more
National Quality Awards-2015 This content is only available in English    Congratulations to award winners ! National Quality Awards-2015WINNERS Service - Large Cate... Read more

© ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. සියලු හිමිකම් ඇවිරිණි
17 වික්ටෝරියා ස්ථානය, ඇල්විටිගල මාවත, කොළඹ 08.

නිමැවුම සහ සම්බන්ධීකරණය