Tamil-Sri LankaEnglish (United Kingdom)

රසායනාගාර සේවා

රසායනික, විද්යුත්, ආහාර, ද්‍රව්‍ය, ක්ෂුද්‍රජීව විද්‍යා හා රෙදිපිළි යන රසායනාගාර හයක සේවකයන් හැත්තෑ එක් දෙනෙකු සේවයේ යෙදෙන රසායනාගාර සේවා අංශය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙහි විශාලතම තාක්ෂණික අංශය වේ. රසායනාගාර සේවා අංශයේ තාක්ෂණික කාර්ය මණ්ඩලය, පශ්චාත් උපාධි සුදුසුකම් සහිත උපාධිධාරී නිලධාරීන් විසිපස් දෙනෙකුගෙන් සහ තාක්ෂණික නිලධාරින් විසි හය දෙනෙකුගෙන් සමන්විත වේ. මෙම කාර්ය මණ්ඩල සාමාජිකයන් තම තමන්ගේ අදාල විෂය ක්ෂේත්‍රයෙහි විශේෂඥ දැනුම හා ඉහළ නිපුණතාවෙන් යුක්ත වූවෝ වෙති. සෑම රසායානගාරයක්ම සහකාර අධ්‍යක්ෂවරයෙකු යටතේ පවතී.

රසායනාගාර අංශයේ ඇති නවීන පරීක්ෂණ පහසුකම්, නිෂ්පාදිත හා ද්‍රව්‍ය ගණනාවක් ජාතික හා / හෝ ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුව පරීක්ෂා කිරීමේ පහසුකම් සලස්වයි. රසායනාගාර සේවා අංශය තුළ ISO/IEC 17025 මත පදනම් වූ රසායනාගර කළමනාකරණ ක්‍රමය ක්‍රියාත්මක වන අතර, රසායනික, ආහාර, ද්‍රව්‍ය හා ක්ෂුද්‍රජජීව විද්‍යා රසායනාගාර ඇතැම් පරීක්ෂණ සඳහා ස්වීඩනයේ ස්වීඩන ප්‍රතීතන මණ්ඩලයෙන් (SWEDAC) බලයලත් නියෝජිත ලෙස පත් කරනු ලැබ ඇත. එයට අමතරව, රසායනික, ආහාර හා ක්ෂුද්‍ර ජීව විද්‍යා රසායනාගාර ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයෙන්ද (SLAB) ප්‍රතීතනය ලබා ඇත. ප්‍රතීතන තත්ත්වය, විශ්වාසනීය හා තාක්ෂණික වශයෙන් වලංගු පරීක්ෂණ ප්‍රතිඵල ඉපිදවීමට රසායනාගාරවල හැකියාව සහතික කරයි. රසායනාගාර සේවා අංශය, රසායනාගාර අධ්‍යක්ෂවරයාගේ මගපෙන්වීම හා උපදෙස් යටතේ ක්‍රියාත්මක වේ.

රසායනාගාර තත්ත්ව සහතිකය

ගනුදෙනුකරුවන්ට විශ්වාසනීය හා නිවැරදි පරීක්ෂණ සේවාවන් සැපයෙන බව සහතික කිරීම පිණිස රසායනාගාර සේවා අංශයේ රසායනාගාර තත්ත්ව කළමනාකරණ ක්‍රමය ISO 17025 රසායනාගාර ප්‍රතීතනයට අනුකූලව ස්ථාපනය කර පවත්වාගෙන යාම සහකාර අධ්‍යක්ෂවරයෙකු වෙත පවරනු ලැබ ඇත.

ISO 17025 ට අනුව රසායනාගාර ප්‍රතීතනය හා රසායනාගාර තත්ත්ව කළමනාකරණ ක්‍රමය පිළිබඳව රසායනාගාර කාර්යමණ්ඩලයට පුහුණුව හා මාර්ගෝපදේශනය සැපයීමද මෙයට ඇතුළත් වේ.ISO 17025 : 2005 අනුව ‍අදාළ රසායනාගාර වලට ලබා දී ඇති ප්‍රතීතනය පවත්වාගෙන යාම සඳහා රසායනාගාර ප්‍රතීතනයට අදාළව කාර්යයන් පවරනු ලැබ සිටින සහකාර අධ්‍යක්ෂවරයා අනුකූලතා තක්සේරුව සඳහා වන ස්වීඩන ප්‍රතීතන මණ්ඩලය (SWEDAC) www.swedac.se ) සහ අනුකූලතා තක්සේරුව සඳහා වන ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) www.slab.lkසමග සම්බන්ධීකරණයෙන් කටයුතු කරයි.



ISO 17025 ප්‍රතීතනය ලත් රසායනාගාර සහ ඒවායේ ප්‍රතීතන විෂය පථ

රසායනාගාරය

ප්‍රතීතන අංකය

ප්‍රතීතන විෂය පථය

රසායනික, ආහාර හා ක්ෂුද්‍රජීව  විද්‍යා

1793

http://search.swedac.se/omfattning/1793-01%20Ackr%20omfattning%20091021.pdf

ද්‍රව්‍ය රසායනාගාරය

ද්‍රව්‍ය රසායනාගාර ඒකකය තක්සේරුව අවසන් කර 2011 මුල් භාගයේදී ප්‍රතීතනය අපේක්ෂාවෙන් සිටී.

http://search.swedac.se/listCompany.asp?id=5&adrId=35134&sAck=1793_01&lang=en

ශ්‍රී.ලං.ප්‍ර.ම. (SLAB) ප්‍රතීතනය ලත් ශ්‍රී.ල.ප්‍ර.ආ. රසායනාගාර

රසායනාගාරය

ප්‍රතීතන අංකය

ප්‍රතීතන විෂය පථය

ක්ෂුද්‍රජීව විද්‍යා


TL016-02

සහතිකය
http://www.slab.lk/Support/AccreditationCertificates/SLSI-%20Microbiology.pdf
විෂය පථය
http://www.slab.lk/Support/Scopes/SLS-%20Microbiology.pdf

රසායනික ද්‍රව්‍ය රසායනාගාරය

 

TL016-01

සහතිකය
http://www.slab.lk/Support/AccreditationCertificates/SLSI-%20Chemical.pdf
සහතිකය
http://www.slab.lk/Support/Scopes/SLS-%20Chemical.pdf

ආහාර රසායනාගාරය

 

TL016-03

විෂයපථය
http://www.slab.lk/Support/AccreditedOrganizations/chemical/SLSI%20Food%20Laboratory/Scope%20-%20Food%20Lab%20of%20SLSI.pdf
විෂය ප ථය
http://www.slab.lk/Support/AccreditedOrganizations/chemical/SLSI%20Food%20Laboratory/Scope%20-%20Food%20Lab%20of%20SLSI.pdf

 

 

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
තේ නිෂ්පාදිත සහතික කිරිමේ යෝජනා ක්‍රම තේ නිෂ්පාදිත සහතික කිරිමේ යෝජනා ක්‍රම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ශ්‍රි ලංකා තේ මණ්ඩලය හා එක්ව නිෂ්පාදන ක්‍රියාවලිය හා අවසාන නිෂ්පාදිතය,ප උදා: කළු තේ සහතික කිරීම පිණිස නිෂ්පාදිත සහ... Read more
16 වැනි වාර්ෂික ජාතික තත්ත්ව සම්මාන උළෙල 16 වැනි වාර්ෂික ජාතික තත්ත්ව සම්මාන උළෙල 16 වැනි වාර්ෂිත ජාතික තත්ත්ව සම්මාන උළෙල 2011 ජුනි මස 07 වැනි දින බ.ජා.ස.ශා දී ( BMICH)පවත්වන ලදි. ප්‍රධාන අමුත්තා වූයේ තාක්ෂණ හා පර්යේෂණ ගර... Read more
Appreciation of service - Mr T. Kandasamy Appreciation of service - Mr T. Kandasamy This content is only available in English  From 1964 Mr T. Kandasamy has served in various Technical Committees of SLSI, and shared his kno... Read more
ISO 22000 Food Safety Management System - Auditor / Lead Auditor Course This content is only available in English    ISO 22000 Food Safety Management System - Auditor / Lead Auditor Course2014-11-17 to 2014-11-... Read more
Quality Symposium This content is only available in EnglishFirst Quality Symposium conducted by Sri Lanka Standards Institution 04 December 2014, BMICH) Broc... Read more
ISO 9001 Quality Management Systems Auditor/Lead Auditor Course This content is only available in English    ISO 9001 Quality Management Systems Auditor/Lead Auditor Course2014-11-10 to 2014-11-14 from ... Read more

© ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. සියලු හිමිකම් ඇවිරිණි
17 වික්ටෝරියා ස්ථානය, ඇල්විටිගල මාවත, කොළඹ 08.

නිමැවුම සහ සම්බන්ධීකරණය