Tamil-Sri LankaEnglish (United Kingdom)

නිෂ්පාදිත සහතික කිරීම

“SLSලාංඡන ක්‍රමය” ලෙස වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇති නිෂ්පාදිත සහතික කිරීමේ වැඩසටහන නිෂ්පාදිතයක ගුණාත්මක තත්ත්වය පිළිබඳ තෙවන පාර්ශ්වයක සහතිකයක් ලබාදීමේ ක්‍රමයකි. මෙම ක්‍රමය මගින් ශ්‍රී ලංකා  ප්‍රමිතීන්ට අනුකූල වන භාණ්ඩ, නිපදවන දේශීය මෙන්ම විදේශීය නිෂ්පාදකයන්ට ඔවුන්ගේ නිෂ්පාදිත භාණ්ඩ මත ‘SLS’ සලකුණ යෙදීමට බලපත්‍ර ලබාදීමට ශ්‍රී.ලං.ප්‍ර. ආයතනයට හැකියාව ලැබේ. 1984 අංක 6 දරන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත හා ඒ යටතේ පනවන ලද නියෝග නිෂ්පාදකයන්ට එවැනි බලපත්‍ර නිකුත් කිරීම සඳහා ශ්‍රී. ලංකා ප්‍රමිති ආයතනයට බලය ලබා දෙයි.

නිෂ්පාදන සහතික කිරීමේ වැඩසටහන ස්වභාවයෙන් ස්වේච්ඡා එකකි. කෙසේ වෙතත්, 1979 අංක 1 දරන පාරිභෝගික ආරක්ෂණ පනත හා 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ නිකුත් කරන ලද නියමයන් හරහා SLS සලකුණ සකසා ඇත. කෙසේ වෙතත් මෙම නියෝගය නොවෙනස්ව පවතී.

වෙළඳ භාණ්ඩයක හෝ නිෂ්පාදිතයක් සහතික කිරීමේ ලකුණ තිබීමෙන් එම වෙළඳ භාණ්ඩය හෝ නිෂ්පාදිතය අදාල ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර වලට අනුකූලව නිපදවා ඇති බවත් එහි තත්ත්වය පිළිබඳ සාධාරණ සහතික වීමක් සහිතව මිළදී ගත හැකි බවත් හැඟවේ. ආයතනයේ සුදුසුකම් ලත් විගණනක නිලධාරීන් විසින් සිදු කරන  විගණන හා නිෂ්පාදිත පරීක්ෂණ හරහා සිදු කෙරෙන තත්ත්ව සහතික කිරීමේ ක්‍රමයේ අඛණ්ඩ අධීක්ෂණය මගින් පිරිවිතර අවශ්‍යතාවන්ට අනුකූලවීම සහතික කරනු ලැබේ.

ආයතනයේ සාමාන්‍ය ප්‍රතිපත්තිය වනුයේ අදාල ප්‍රමිතියට අනුකූල වීමේ වගකීම නිෂ්පාදකයා මත රඳා පවතින ආකාරයට සහතික කිරීමේ ලාංඡන ක්‍රමය ක්‍රියාත්මක කිරීමයි. මෙය සහතික කිරීම සඳහා එක් එක් බලපත්‍රධාරියා විසින් ආයතනය මගින් නිර්දේශ කරනු ලබන මාර්ගෝපදේශන හා අනුකූල වන තත්ත්ව සහතික කිරීමේ ක්‍රමයක් යොදා ගත යුතු වේ. තත්ත්ව ක්‍රමය ප්‍රලේඛනය හා ක්‍රියාත්මක කිරීමේ වගකීම ඔහු වෙත වන අතර තත්ත්ව ක්‍රමයේ අඛණ්ඩ ඵලදායීබව ආයතනයේ සුදුසුකම් ලත් නිලධාරීන් විසින් ඒකාකාර කාලාන්තර සහිතව විමසා බලනු ලැබේ.

 

 

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
New Sri Lanka Standards Catalogue This content is only available in English    The new  Sri Lanka Standards Catalogue has been published and is available for sale at the SL... Read more
National Quality Awards-2015 This content is only available in English    Congratulations to award winners ! National Quality Awards-2015WINNERS Service - Large Cate... Read more

© ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. සියලු හිමිකම් ඇවිරිණි
17 වික්ටෝරියා ස්ථානය, ඇල්විටිගල මාවත, කොළඹ 08.

නිමැවුම සහ සම්බන්ධීකරණය