Tamil-Sri LankaEnglish (United Kingdom)

බලශක්ති ලේබල් කිරීමේ වැඩසටහන

බලශක්ති කාර්යක්ෂමතා අගය මැනීම සඳහා මාර්ගෝපදේශන හා පටිපාටි


1. හැඳින්වීම

ශ්‍රී ලංකා ප්‍රමිති ආයනතයෙහි (SLSI) ඉංජිනේරු ප්‍රමිතිකරණ අංශය, උපකරණ වල බලශක්ති කාර්යක්ෂමතා අගය මැනීම සඳහා අදාල ශ්‍රී ලංකා ප්‍රමිති මත පදනම්ව විදුලි උපකරණ සඳහා බලශක්ති කාර්යක්ෂමතා ලේබල් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. විදුලි උපකරණ ආනයනය කරන්නන්ට හා නිෂ්පාදකයන්ට ස්වේච්ඡා පදනමින් එක් වීම සඳහා ආයතනය මෙම ව්‍යාපෘතිය ඉදිරිපත් කරයි.

2. බලශක්ති කාර්යක්ෂමතා ප්‍රමිති

බලශක්ති කාර්යක්ෂමතා ලේබල් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පැවතීම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ව අවශ්‍යතාවක් වේ.චුම්බක පිරවුම් ද්‍රව්‍ය සඳහා SLS 1200 හා සංයුක්ත ප්‍රතිදීප්ත පහන් (CFL) සඳහා SLS 1225 හි ද ලේබල සඳහා පිරිවිතර හා තරු අගය මට්ටම තීරණය කිරීමේ ක්‍රමය දක්වා ඇත. ශීතකරණ හා අධිශීතකරණ ලේබල් කිරීමේ ව්‍යාපෘතිය නොබෝ කලකින් ඇරඹෙනු ඇත.

3. බලශක්ති කාර්යක්ෂමතා ලේබලය

3.1 අදාල ශ්‍රී ලංකා ප්‍රමිතියෙහි නිර්දේශිත ප්‍රමාණ, ආකෘතිය හා සියළු තොරතුරු බලශක්ති කාර්යක්ෂමතා ලේබලයෙහි තිබිය යුතුය.

3.2 උපකරණයක බලශක්ති හානිවීම්, පරිභෝජන / පරිවර්තන  කාර්යක්ෂමතාව මත පදනම්ව, අදාල ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුව යම් තරු සංඛ්‍යාවක් මගින් කාර්යක්ෂමතා අගය මැනීම තීරණය කර පෙන්නුම් කළ යුතුය. උපකරණ වල ඉහළම කාර්යක්ෂමතා අගය තරු පහකින් පෙන්නුම් කළ යුතු අතර කාර්යක්ෂමතාව අඩු වන ආකාරය අනුව අඩු තරු සංඛ්‍යාවක් ලබා දීම සිදුවේ. උපකරණයක වඩා වැඩි තරු සංඛ්‍යාවක් තිබේ නම් එහි කාර්යක්ෂමතාව ඉහළ අගයක් ගනී.

4. අයැදුම

4.1නිෂ්පාදක‍යෙකු හෝ ආනයනකරුවෙකු එක් ඒක උපකරණ ආකෘතියට / වර්ගයට අදාලව අයැදුම් කළ යුතු වේ. එකම ආකෘතියේ / වර්ගයේ උපකරණ විවිධ ස්ථානවල පිහිටි කම්හල්වල නිෂ්පාදනය කරනු ලැබේ නම්, එක් එක් ස්ථානය හා ආකෘතිය / වර්ගය අනුව වෙන වෙනම අයැදුම් කළ යුතු වේ.

4.2ආනයන භාණ්ඩ සම්බන්ධයෙන් නම්, අයැදුම්කරු බලශක්ති කාර්යක්ෂමතා ලේබල් කිරීම සඳහා අයැදුම් කරන උපකරණ ආකෘතිය / වර්ගය සඳහා වන එකම නියෝජිතයා විය යුතුය.

4.3නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයැදුම්පත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙහි අධ්‍යක්ෂ (ඉංජිනේරු) වෙත ඉදිරිපත් කළ යුතුය.

5. නියැදි පරීක්ෂා කිරීම

5.1(එක් එක් පහන් ආකෘතියෙහි බලශක්ති හානි වීම / පරිභෝජනයට අදාලව අපේක්ෂිත ප්‍රතිඵල ලබා දීම හා විදුලිබල සාධකය සොයා ගැනීම පිණිස) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන රසායානාගාරය හෝ වෙනත් කවර හෝ පිළිගත් රසායානාගාරයක් මගින් ශ්‍රී ලංකා ප්‍රමිතිවලට අනුකූලව නිෂ්පාදකයා / ආනයනකරු වෙතින් ලබාගත් අහඹු නියැදි පරීක්ෂාවට ලක් කෙරේ.

6. සහතික නිකුත් කිරීම

6.1පරීක්ෂණ වාර්තාව හා අදාල ශ්‍රී ලංකා ප්‍රමිතියෙහි දක්වා ඇති ක්‍රමවේදය මත පදනම්ව අධ්‍යක්ෂ (ඉංජි‍නේරු) හෝ ඔහුගේ නියෝජිතයා විසින් උපකරණයක තරු ශ්‍රේණිගත කිරීම ගණනය කරනු ඇත.

6.2සහතිකයක් ප්‍රදානය කිරීමට පෙර අයැදුම්කරු ශ්‍රී.ලං.ප්‍ර.ආ. සමග ගිවිසුමක් අත්සන් කළ යුතු වේ.

6.3සහතිකයෙහි නිර්දේශිත පරිදි ඔහුගේ / ඇයගේ නිෂ්පාදනය මත ලේබලය සවි කිරීමට / ප්‍රදර්ශනය කිරීමට අයැදුම්කරුට බලය ලබා දෙමින් මෙම සහතිකය ශ්‍රී.ලං.ප්‍ර.ආ. අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සන සහිතව නිකුත් කරනු ලැබේ.

6.4අන් ආකාරයකින් දක්වා නොමැති විට, මෙම සහතිකය නිකුත් කරන ලද දිනයේ සිට වසර තුනක කාලසීමාවක් සඳහා වලංගු වේ.

6.5විවිධ ස්ථාන ගණනාවකට අදාලව අයැදුම්කරු විසින් අයැදුම්පත් ගණනාවක් ඉදිරිපත් කර ඇති විට, විවිධ ස්ථානවල නිෂ්පාදනය කෙරෙන එක් එක් ආකෘතියේ / වර්ගයේ උපකරණ සම්බන්ධයෙන් වෙන වෙනම සහතිකපත් නිකුත් කෙරෙනු ඇත.

7. ආවේක්ෂණ පිරික්සුම

7.1 ශ්‍රි.ලං.ප්‍ර.ආ. කලින් කලට පිරික්සුම සඳහා නිෂ්පාදන නියැදි වෙළඳපොලක් / නිෂ්පාදකයාගෙන් / ආනයනකරුගෙන් ලබා ගනී.

7.2 නිෂ්පාදනයෙහි යම් සුවිශේෂී නියැදියක් අයත් කාණ්ඩය සොයාගත හැකි වන පරිදි සහතිකපත දරන්නා නිෂ්පාදිතය කාණ්ඩ වලින් පිළියෙල කළ යුතු අතර,  යම් බහලු භාවිතා කෙරේ නම් ඒවා ආයතනයට පිළිගත හැකි ආකාරයෙන් ලකුණු කළ යුතු වේ.  කාණ්ඩයේ විග්‍රහය, හඳුනා ගැනීමේ විස්තර, කාණ්ඩය හඳුනා ගැනීමට අදාල විකේතක ක්‍රම ආදිය සහතිකපත දරන්නා විසින් ආයතනයට ලබා දිය යුතු වේ.

8. සහතික නිකුත් කිරීමේ ගාස්තු

8.1සහතිකපත දරන්නා අයැදුම්පත සඳහා ශ්‍රී.ලං.රු. 500/- ක් ද සහතිකය නිකුත් කරන අව්සථාවේදී සහතික පත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව වන ශ්‍රී.ලං.රු. 5000/- ක් ද ගෙවිය යුතු වේ.

8.2 පරීක්ෂණ ගාස්තු හා මූලික පරික්ෂණ අවස්ථාවේදී හා සහතික පත්‍රය වලංගු කාලසීමාව තුළදී නියැදි ලබාගැනීමේ පිරිවැය යන වියදම් නිෂ්පාදක / ආනයනකරු විසින් දැරිය යුතු වේ.

9. ලේබල මුද්‍රණය කිරීම

9.1නිෂ්පාදක / ආනයනකරු විසින් ලේබල් මුද්‍රණය කළ යුතුය.

9.2කවර  හෝ පාර්ශ්වයන් විසින් ලේබල් අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම පිණිස, භාවිතා කරන ලද ලේබල් සංඛ්‍යාව, ලේබල් භාවිතා කරන ලද උපකරණවල අනුක්‍රමික අංක ආදී සවිස්තරාත්මක තොරතුරු  ශ්‍රී.ලං.ප්‍ර.ආ. වෙත ලබා දිය යුතු වේ.

9.3නිෂ්පාදකට ‍හෝ අපනයනකරුට නිකුත් කරන ලද සහතිකයෙහි නිර්දේශ කර ඇති පරිදි ලියාපදිංචි වෙළඳ ලකුණ / සන්නම් නාමය කැපී පෙනෙන ලෙසින් ඇතිව නිෂ්පාදන වර්ගය / ආකෘතිය සමග ලේබලය හැමවිටම භාවිතා කළ යුතු වේ.

බලශක්ති ලේබලය යොදන ලද නිෂ්පාදිත ලැයිස්තුව

 

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
New Sri Lanka Standards Catalogue This content is only available in English    The new  Sri Lanka Standards Catalogue has been published and is available for sale at the SL... Read more
National Quality Awards-2015 This content is only available in English    Congratulations to award winners ! National Quality Awards-2015WINNERS Service - Large Cate... Read more

© ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. සියලු හිමිකම් ඇවිරිණි
17 වික්ටෝරියා ස්ථානය, ඇල්විටිගල මාවත, කොළඹ 08.

නිමැවුම සහ සම්බන්ධීකරණය