Tamil-Sri LankaEnglish (United Kingdom)

අතිරේක සහතික කිරීම් සඳහා ප්‍රදාන (ISO 22000)

ශ්‍රී ල ප්‍ර ආ මගින් ප්‍රදානය කරන සහතික කිරීම් සඳහා , දෙවැනි සහතික කිරීම වෙනුවෙන් වාර්ෂික ගාස්තුවෙන් 10% කද තෙවැනි සහතික කිරීම සඳහා 20% ක්ද වශයෙන් සහන සැලසේ.


ආහාරවල ආරක්‍ෂා සහිත බව සහතික කිරී‍ම, කර්මාන්ත හා වාණිජ කටයුතු සඳහා ශ්‍රී ල ප්‍ර ආ සේවාවන් සපයන තවත් ක්‍ෂෙත්‍රයක් වේ. I S O 22000 සහ S L S 1266 ප්‍රමිතිවල ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මූලධර්ම මත පදනම්ව සහතිකපත්ලාභී ආයතනයක් සිය ආහාරවල ආරක්‍ෂා සහිත බව සහතික කිරීමේ වැඩ සටහන සකස් කර පවත්වා ගෙන යාම සිදුකරයි.


ලෝකයේ සුප්‍රසිද්ධ ප්‍රතීතන ආයතනයක් වන නෙදර්ලන්තයේ RVA හා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය විසින් යෝජනා ක්‍රම දෙකටම ප්‍රතීතනය ලබා දී ඇත. මෙලෙස මෙම යෝජනා ක්‍රමය යටතේ නිකුත් කෙරෙන සහතික ලොව පුරා පිලිගැනිමට ලක් වේ. ශ්‍රී ල ප්‍ර ආ මගින් ප්‍රදානය කෙරෙන H A C C P හෝ I S O 22000 සහතික වලින් , ආහාර මිනිස් පරි‍භෝජනය සඳහා ආරක්‍ෂාසහිත කිරීම පිණිස ආහාර වර්ගය නිෂ්පාදනය හා පිරිසැකසුම් කිරීම අතරතුරදී මුහුණ පාන රසායනික භෞතික හා ජීව විද්‍යාත්මක උවදුරු සහතික කිරීමේ විෂය පථයට අදාල පරිදි පාලනය කෙරෙන බව පෙන්නුම් කෙරේ.

සහතික කිරීම ලබාගැනීම සඳහා ක්‍රියාපටිපාටිය

සහතික කිරීමට පෙර නිසිලෙස සම්පූර්ණ කරන ලද අයැදුම් පත ඉදිරිපත් කිරිම


H AC C P සැලසුම …………….. ඉදිරිපත් කිරීම


ප්‍රමාණවත් බව පිළිබඳ විගණන වාර්තාව ලැබීම


FSMS ක්‍රමය වැඩි දියුණු කිරීම


අදියර 1 විගණනය සිදුකිරීම


ක්‍රමය වැඩිදියුණු කිරීම


අවසාන තක්සේරුව (අදියර 11 විගණනය)

නිවැරදි කිරීමේ ක්‍රියා මාර්ග ශ්‍රී ල ප්‍ර ආ වෙත ඉදිරිපත් කිරීම

E M S සහතික කිරීම ලබාගැනීම

Post certification ආවේක්ෂණය
වාර්ෂික ලියාපදිංචි කිරීම


වර්ෂ 03 ට පසු නැවත තක්සේරු කිරීම

ගාස්තු

සහතික කිරීමට පෙර

 

ශ්‍රී ලං රු

අත්පොත

1000.00

අයැදුම්පත පිළිබඳ අවශ්‍ය කටයුතු සිදු කිරීම

12 500.00

අදියර 1 විගණනය

6000.00 දිනකට/තක්සේරු කරුවෙකුට

අදියර 11 විගණනය 6000.00 දිනකට තක්සේරු කරුවෙකුට

වාර්ෂික ලියාපදිංචි කිරීම

නොමිලේ

 

සහතික කිරීමට පසු

වාර්ෂික ලියාපදිංචි කිරීම

වාර්ෂික ගාස්තුව (ශ්‍රී ල රු.)

සහතික වර්ගය

SLS 1266:2005 (HACCP)

ISO 22000:2005 (FSMS)

ප්‍රතීතන සලකුණ සහිත සහතික

60 000.00

80 000.00

ප්‍රතීතන සලකුණ රහිත සහතික

50 000.00

70 000.00

සියළු ගෙවීම් මත 12% එකතු කළ අගය මත බදු (VAT) අය කෙරෙනු ඇත
සේවාදායකයා විගණන නිලධාරීන් සඳහා ප්‍රවාහන හා නවාතැන් පහසුකම් සැලකිය යුතුය. සේවාදායකයාට ප්‍රවාහන පහසුකම් සැපයීමට නොහැකි නම් ,
එක් එක් පැවරුම සඳහා ප්‍රවාහන පිරිවැය කිලෝ මීටරයකට ශ්‍රී ලංකා රුපියල් 30.00 ත් වේ.


((ආයතනයේ විශාලත්වය හා ක්‍රියාකාරකම්වල සංකීර්ණ ස්වභාවය මත පදනම්ව දින ගණන හා යොදවන විගණන නිලධාරීන් සංඛ්‍යාව තීරණය කරනු ලැබේ.)
Concessions For additional certifications


For certifications granted by SLSI, concession for the annual fee to the second certification will be 10% and 20% for the third certification

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
New Sri Lanka Standards Catalogue This content is only available in English    The new  Sri Lanka Standards Catalogue has been published and is available for sale at the SL... Read more
National Quality Awards-2015 This content is only available in English    Congratulations to award winners ! National Quality Awards-2015WINNERS Service - Large Cate... Read more

© ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. සියලු හිමිකම් ඇවිරිණි
17 වික්ටෝරියා ස්ථානය, ඇල්විටිගල මාවත, කොළඹ 08.

නිමැවුම සහ සම්බන්ධීකරණය