Tamil-Sri LankaEnglish (United Kingdom)

අතිරේක සහතික කිරීම් සඳහා සහන (GMP)

ශ්‍රී ල පු ආ විසින් ප්‍රදානය කෙරෙන සහතික කිරීම් සඳහා ,දෙවැනි සහතික කිරීම වෙනුවෙන් වාර්ෂික ගාස්තුවෙන් 10% ක්ද තෙවැනි සහතක කිරීම වෙනුවෙන් 20% ක් ද ලෙස සහන සලසනු ලැබේ.
අදාල විෂයයෙහි පිළිවෙත් සංග්‍රහයන්ට ඇති ශ්‍රී ලංකා ප්‍රමිති මත පදනම්ව යහපත් නිෂ්පාදන පිළිවෙත් (GMP) සහතික කිරීමේ යෝජනා ක්‍රමයක් ශ්‍රී ල පු ආ ක්‍රියාත්මක කරයි.

අධීක්‍ෂණය කෙරෙන ක්ෂේත්‍ර-

  1. ආයතනය - සැලසුම - , පහසුකම් , උපකරණ හා නඩත්තුව
  2. මෙහෙයුම් පාලනය
  3. පිරිසිදු කිරිම හා සනිපාරක්‍ෂාව
  4. පෞද්ගලික ස්වස්ථතාව
  5. ප්‍රවාහනය
  6. පුහුණුව
  7. නිෂ්පාදිත සහතික කිරීම
  8. පලිබෝධ පාලනය
  9. අපද්‍රව්‍ය කළමනාකරණය
  10. ඇසුරුම් කිරීම හා ලේබල් කිරීම යනාදිය

ගාස්තු

සහතික කිරීමට පෙර

අයැදුම්පත් ගාස්තු (ආපසු නොගෙවන)

LKR 500.00

ය.නි.පි. අත්පොත ඇගයීම

LKR1000.00

මූලික තක්සේරුව සඳහා ගාස්තුව

LKR 2500.00

අතිරේක තක්සේරුව සඳහා ගාස්තුව එක් තක්සේරුවක් වෙනුවෙන්

LKR 2000.00 per assessment

අවසාන තක්සේරුව සඳහා ගාස්තුව

LKR 3000.00

සියළු ගෙවීම් මත 12% එකතු කළ අගය මත බදු ( VAT) අය කරනු ලැබේ.

සේවාදායකයා විගණන නිලධාරීන් සඳහා ප්‍රවාහන හා නවාතැන් පහසුකම් සැලකිය යුතුය. සේවාදායකයාට ප්‍රවාහන පහසුකම් සැපයීමට නොහැකි නම් , එක් එක් පැවරුම සඳහා ප්‍රවාහන පිරිවැය කිලෝ මීටරයකට ශ්‍රී ලංකා රුපියල් 30.00 ත් වේ.

(ආයතනයේ විශාලත්වය හා ක්‍රියාකාරකම්වල සංකීර්ණ ස්වභාවය මත පදනම්ව දින ගණන හා යොදවන විගණන නිලධාරීන් සංඛ්‍යාව තීරණය කරනු ලැබේ.)

අතිරේක සහතික කිරීම සඳහා සහන

ශ්‍රී ල පු ආ විසින් ප්‍රදානය කරනු ලබන සහතික කිරිම් සඳහා , දෙවැනි සහතික කිරීම සඳහා වාර්ෂික ගාස්තුවෙන් 10% ක් ද තෙවැනි සහතික කිරීම සඳහා 20% ක්ද ලෙස සහන සලසනු ලැබේ.
තක්සේරු මණ්ඩලය විසින් නිර්දේශ කරන පරිදි සත්‍යක්‍ෂණ කාර්යයන් සඳහා නියැදි පරීක්‍ෂ කිරීම අවශ්‍ය වේ නම් පරීක්‍ෂණ ගාස්තු පිරිවැය සේවාදයකයා විසින් දැරිය යුතුවේ.

පශ්චාත් සහතික කිරීම

ආයතන වර්ගය

ස්ථාවර වත්කම්වල වටිනාකම
((ඉඩම් සහ ගොඩනැගිලි හැර)

වාර්ෂික ගාස්තු
(ලං. රු)

1 කාණ්ඩය

මිලියන 1.0 ට අඩු

10 000.00

II කාණ්ඩය

මිලියන 1.0 සහ මිලියන 5.0 අතර

25 000.00

III කාණ්ඩය

මිලියන 1.0 වැඩි

50 000.00

සියළු ගෙවීම් මත 12% එකතු කළ අගය මත බදු ( VAT) අය කරනු ලැබේ.

වැඩි දුර විස්තර සඳහා අමතන්න.

ටී.ජී.ජී. ධර්මවර්ධන මහතා -අධ්‍යක්‍ෂ (පද්ධති සහතික කිරීම)
ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය,
17 වික්ටෝරියා පෙදෙස, ඇල්විටිගල මාවත, කොළඹ 8, ශ්‍රී ලංකාව
දුරකථන/ ෆැක්ස් : 94 11 2672613
විද්‍යුත් තැපෑල: මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

 

 

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
New Sri Lanka Standards Catalogue This content is only available in English    The new  Sri Lanka Standards Catalogue has been published and is available for sale at the SL... Read more
National Quality Awards-2015 This content is only available in English    Congratulations to award winners ! National Quality Awards-2015WINNERS Service - Large Cate... Read more

© ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. සියලු හිමිකම් ඇවිරිණි
17 වික්ටෝරියා ස්ථානය, ඇල්විටිගල මාවත, කොළඹ 08.

නිමැවුම සහ සම්බන්ධීකරණය