Tamil-Sri LankaEnglish (United Kingdom)

විදේශීය නිෂ්පාදකයන් ලියාපදිංචි කිරීම

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ක්‍රියාත්මක කරන ආනයන පරීක්ෂා කිරීමේ වැඩසටහන යටතේ, ලියාපදිංචි නිෂ්පාදන පිරියතකින් නිකුත් කරන ලද අනුකූලතා සහතිකය (CC) එම නිෂ්පාදන පිරියතෙන් ආනයනය කරන ලද තොගයක් පරීක්ෂා කිරීම සඳහා පිළිගනු ලැබේ. අනුකූලතා සහතිකය පිළිගත හැකි නම්, එවැනි තොග නිෂ්කාශනය සඳහා අනුමැතිය ලබා දෙන අතර තත්ත්වය සහතික කිරීම සඳහා අහඹු ලෙස නියැදි ලබා ගැනේ.

ශ්‍රී ලංකාවට අපනයනය කරන ලද වෙළඳ නාමය හා වර්ගය /‍ මෝස්තරය සඳහා පිළිගත හැකි නිෂ්පාදිත සහතික කිරීමේ සලකුණ සහිත නිෂ්පාදන පිරියතක් නම් (රටවල් දෙකේම නිෂ්පාදන ප්‍රමිති ගැලපිය යුතුයි.)  තොගය නිශ්කාශනය සඳහා අනුමැතිය දී අහඹු පදනමින් නියැදි ලබා ගැනේ. නිෂ්පාදිත සහතික කිරීමේ සලකුණ පිළිගැනීම සඳහා එම නිෂ්පාදන පිරියත ශ්‍රී.ලං.ප්‍ර.ආ. සමග ලියාපදිංචි වී තිබිය යුතුය.

අදාල නිෂ්පාදන ඒකකයේ ලියාපදිංචියෙහි තත්ත්වයෙහි යම් වෙනසක් ශ්‍රී.ලං.ප්‍ර.ආ. දැනුම් දෙන තෙක් මෙම ක්‍රියාපටිපාටිය වලංගු වන අතර තත්ත්වයෙහි වෙනසක් වන තෙක් ලියාපදිංචි ඒකකයෙහි නිෂ්පාදනය කෙරෙන  සියළු තොග සඳහා අනුමැතිය දෙනු ලැබේ.

වැඩිදුර විස්තර සඳහා කරුණාකර ආනයන පරික්ෂා කිරීමේ වැඩසටහන බලන්න.

ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටිය පහත දක්වා ඇත.

 

1. පොදු :

අනුමත කරන ලද පිරියතෙහි නිපදවන නිෂ්පාදිත මෙම යෝජනා ක්‍රමය යටතේ සහතික කරනු ලැබීමට සුදුසුකම් ලබයි. සපයන්නෙකු ශ්‍රී ලංකාවට අපනයනය කිරීම සඳහා නිෂ්පාදන පිරියත එකකට වඩා භාවිතා කරයි නම්, එම සියළු පිරියත වෙන වෙනම ලියාපදිංචිය ලබා ගත යුතු අතර එකම පිරියතෙහි නිෂ්පාදිත ගණනාවක් වේ නම් එම එක් එක් නිෂ්පාදිතය සඳහා වෙන වෙනම ලියාපදිංචිය ලබා ගත යුතු වේ.

2. ලියාපදිංචිය සඳහා කොන්දේසි :

මෙම ක්‍රමය යටතේ ලියාපදිංචිය සඳහා නිෂ්පාදන පිරියත වර්ග තුනක් (2.1, 2.2 හා 2.3) හඳුනා ගනු ලැබේ.


තහවුරු කරන ලද කාර්යසාධනය සහිත නිෂ්පාදන පිරියත :

තහවුරු කරන ලද කාර්ය සාධනය සහිත නිෂ්පාදන පිරියත මෙම වර්ගය යටතේ ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලබයි.

කොන්දේසි සහිත ලියාපදිංචිය :

ආනයන පරීක්ෂණ වැඩසටහන යටතේ එක පිට එක පස් වරක් සාර්ථකව අනුමැතිය ලබා ගන්නා නිෂ්පාදකයෙකු වෙත මාස හයක කාලසීමාවක් සඳහා කොන්දේසි සහිත ලියාපදිංචිය, ලබා දෙනු ලැබේ. මෙම තත්ත්වය යටතේ ඉහත නිෂ්පාදකයා ඇගයීමට ලක් කළ යුතු කාලසීමාව සැලකිල්ලට භාජනය වන නිෂ්පාදිතය මත රඳා පවතී.

අනුමැතිය ලබා දීමට පෙර, මෙයට පෙර කවර හෝ අවස්ථාවලදී තත්ත්ව පරීක්ෂණවලින් අසමත්වීම් පිළිබඳ වාර්තා සැලකිල්ලට ගනු ලැබේ.

ලියාපදිංචි තත්ත්වය උත්ශ්‍රේණිගත කිරීම :

‘කොන්දේසි සහිත අනුමැති තත්ත්වය’ ලබාගෙන ඇති නිෂ්පාදකයන් පහත සඳහන් කරුණු මත පදනම්ව ලියාපදිංචි තත්ත්වයට උත්ශ්‍රේණිගත කරනු ලැබේ.

(අ)     නිෂ්පාදන පිරියත සඳහා වූ නිෂ්පාදිත වල ස්වභාවය හෝ පිළිගතහැකි නිෂ්පාදිත සහතික කිරීමේ ලකුණ මත රඳා පවතිමින් (නම් කරන ලද නිෂ්පාදිත සඳහා ආනයන පරික්ෂණ  සැලැස්මේ 3 වැනි වර්ගයෙහි 1.1.1 බලන්න.) කොන්දේසි සහිත ලියාපදිංචි තත්ත්වය අනුමත කළ දින සිට මාස හයක කාලසීමාවක් ඇතුළත ISO 9001, ISO 22001, GMP හෝ HACCP තත්ත්ව සහතික කිරීම ලබා ගැනීම.

(ආ)    පරිපූර්ණ ඇගයීමක් සිදු කර පහත කරුණු විමසා බැලීම සඳහා සමාගම විසින් නිෂ්පාදනය කරන නිෂ්පාදිත / ය මත පදනම්ව ශ්‍රී.ල.ප්‍ර.ආ. සුදුසුකම් ලත් විගණනක කණ්ඩායම් පත් කරනු ඇත.
(i) නිෂ්පාදන ක්‍රියාවලියෙහි තත්ත්ව පාලන පිළිවෙත හා ක්‍රියාවලී පාලන පිළිවෙත පරීක්ෂා කිරීමට
(ii) නිෂ්පාදකයාට ඇති පරීක්ෂණ සිදු කිරීමේ පහසුකම් පරීක්ෂා කිරීමට, පරික්ෂණ සිදු කිරීමේ පිළිවෙත් හා හැකියාවන් ඇගයීමට හා නිෂ්පාදිතයෙහි අනුකූලතාව පිරික්සීමට
(iii) 2.1.2 අ හි දක්වා ඇති ක්‍රමය කොතෙක් දුරට ක්‍රියාත්මක  කෙරෙන්නේද යන වග තීරණය කිරීමට
(iv) අවසාන තීරණයක් ගැනීම සඳහා, නිෂ්පාදන පිරියතෙහි තත්ත්වය හා (i), (ii) සහ (iii) පිළිබඳව ශ්‍රී.ලං.ප්‍ර.ආයතනයෙහි කළමනාකාරිත්වයට වාර්තා කිරීමට

i) නිෂ්පාදන ක්‍රියාවලියෙහි තත්ත්ව පාලන පිළිවෙත හා ක්‍රියාවලී පාලන පිළිවෙත පරීක්ෂා කිරීමට

ii) නිෂ්පාදකයාට ඇති පරීක්ෂණ සිදු කිරීමේ පහසුකම් පරීක්ෂා කිරීමට, පරික්ෂණ සිදු කිරීමේ පිළිවෙත් හා හැකියාවන් ඇගයීමට හා නිෂ්පාදිතයෙහි අනුකූලතාව පිරික්සීමට

iii) 2.1.2 අ හි දක්වා ඇති ක්‍රමය කොතෙක් දුරට ක්‍රියාත්මක  කෙරෙන්නේද යන වග තීරණය කිරීමට

iv) අවසාන තීරණයක් ගැනීම සඳහා, නිෂ්පාදන පිරියතෙහි තත්ත්වය හා (i), (ii) සහ (iii) පිළිබඳව ශ්‍රී.ලං.ප්‍ර.ආයතනයෙහි කළමනාකාරිත්වයට වාර්තා කිරීමට

තත්ත්ව පාලන ක්‍රම සහිත නිෂ්පාදන ඒකක :

ISO 9001 සහතිකය ලත් සමාගම :

ශ්‍රී.ලං.ප්‍ර.ආයතනයට පිළිගත හැකි නියෝජිත ආයතනයක් විසින්  ISO 9001 තත්ත්ව කළමනාකරණ ක්‍රමය සඳහා සහතික කරන ලද නිෂ්පාදන පිරියතක් ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලබයි. කෙසේ වෙතත්, ශ්‍රී.ලං.ප්‍ර.ආ. විසින් නම් කරන ලද කමිටුවක්, 2.1, 2.6, (i)” (ii) හා (iii) සම්බන්ධයෙන් ශ්‍රී.ලං.ප්‍ර.ආ. කළමනාකාරිත්වයට වාර්තා කිරීම සඳහා නිෂ්පාදන පිරියත වෙත යනු ඇත.

වෙනත් තත්ත්ව පාලන ක්‍රම :

GMP, HACCP හෝ ISO 22001 වැනි වෙනත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහතික කිරීම් ආහාර කර්මාන්ත සඳහා වන ඉහත අවශ්‍යතාවන් අර්ධ වශයෙන් සම්පූර්ණ කරන ලෙස සලකා ශ්‍රී.ලං.ප්‍ර.ආ. ඒවා ඇගයීමට ලක් කරන අතර අනෙකුත් අවශ්‍යතා සඳහා ඵලදායක HACCP ක්‍රමය ක්‍රියාත්මකව පැවතීම අවශ්‍ය වේ. 2.1.2 ආ වගන්තියෙහි දක්වා ඇති පරිදි තත්ත්ව කළමනාකරණය ක්‍රමයෙහි ප්‍රමාණවත් බව හා එහි ඵලදායී  ක්‍රියාත්මක කිරීම ඇගයීම සඳහා ශ්‍රී.ලං.ප්‍ර.ආ. විසින් නම් කරන ලද කණ්ඩායමක් තත්ත්ව කළමනාකරණ ක්‍රම  පිළිබඳව වාර්තා කරනු පිණිස නිෂ්පාදන කම්හල වෙත යනු ඇත.

තත්ත්ව පාලන ක්‍රම පිළිබඳ තොරතුරු :

2.1 හා 2.2 වගන්ති යටතට එන නිෂ්පාදකයන් පහත දී ඇති සවිස්තරාත්මක තොරතුරු සැපයිය යුතු වේ.

i. නිෂ්පාදනය කෙරෙන නිෂ්පාදිත

ii. ක්‍රියාත්මක වන තත්ත්ව පාලන ක්‍රමය

iii. ඉහත ක්‍රමයේ භාවිතා වන ප්‍රමිතීන්

iv. නිෂ්පාදිතය සඳහා භාවිතා කරන ප්‍රමිතීන්

v. භාවිතා කරන උපකරණව ල ක්‍රමාංකනය කිරීමේ තත්ත්වය

vi. නිෂ්පාදනය හා පරික්ෂණ පැවැත්වීම හා සම්බන්ධ තාක්ෂණික කාර්යමණ්ඩලයෙහි සුදුසුකම් හා පළපුරුද්ද

vii. පවත්වාගෙන යනු ලබන වාර්තා පිළිබඳ විස්තර

viii.නිෂ්පාදනය කරන රටේ අදාළ වන නියෝග පිළිබඳ තොරතුරු

2.3. පිළිගත හැකි නිෂ්පාදිත සහතික කිරීමේ ලකුණක් සහිතව නිෂ්පාදනය කිරීම :

වෙනත් ජාතික ප්‍රමිති ආයතන මගින් නිකුත් කරන ලද නිෂ්පාදිත සහතික කිරීමේ සලකුණු ශ්‍රී.ලං.ප්‍ර.ආ. පිළිගනු ඇත. (නම් කරන ලද නිෂ්පාදිත සඳහා ආනයන පිරික්සුම් වැඩසටහනේ 1.1.1 වගන්තියේ 4 වැනි වර්ගය බලන්න.) අහඹු නියැදි අඛණ්ඩව අසමත් වුවහොත්, එම අසමත් වීම් සහතික කිරීමේ ආයතනයේ අවධානයට යොමු කෙරෙන අතර ශ්‍රී.ලං.ප්‍ර. ආයතනයෙහි නිලධාරී මණ්ඩලයක් විසින් නිෂ්පාදන පිරියතෙහි පරිපූර්ණ ඇගයීමක් සිදු කෙරෙනු  ලැබේ.

3. මණ්ඩලයේ සැකැස්ම :

විගණනය සිදු කර අදාළ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හරහා අනුමැතිය සඳහා අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කිරීමේ කාර්යය සඳහා අදාල සහකාර අධ්‍යක්ෂවරුන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව අධ්‍යක්ෂවරයා (ක.ස.) සුදුසුකම් ලත් මණ්ඩලයක් නම් කළ යුතු වේ.

එම මණ්ඩලයට අවම වශයෙන් සාමාජිකයන් දෙදෙනෙකු  සිටිය යුතු අතර ඉන් එක් අයෙකු සැලකිල්ලට භාජනය වන නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ විශේෂඥයෙකු විය යුතු වේ.

අපනයනය කරන රටේ ජාතික ප්‍රමිති ආයතන නිලධාරීන් හා / හෝ එම රටින් තෝරා ගන්නා වෙනත් විශේෂඥයන් එම මන්ඩලයට පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් යෙදවීම සලකා බැලීමට ශ්‍රී.ලං.ප්‍ර.ආයතනයට හැකියාව ඇත.

4. ලියාපදිංචිය සඳහා අයැදුම් කිරීම :

ලියාපදිංචිය සඳහා අයැදුම් කිරීමේදී නිෂ්පාදකයෙකු අංක FM-11-02 ආකෘතිපත (ගොනුවකට ඈඳුම) භාවිතා කළ යුතු වේ.

එකම වෙළඳ භාණ්ඩය හෝ නිෂ්පාදිතය කම්හල් එකකට වැඩි ගණනකදී නිෂ්පාදනය කෙරෙන්නේ නම්, එක් එක් නිෂ්පාදන කම්හල වෙනුවෙන් වෙන වෙනම අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු වේ.

එකම නිෂ්පාදන පිරියතේදී එකකට වැඩි නිෂ්පාදිත නිෂ්පාදනය කෙරෙන්නේ නම් එක් එක් නිපැයුම් කම්හල සඳහා වෙන වෙනම අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු වේ.

5. අවශ්‍ය ලිපි ලේඛන :

2.2 වගන්තිය යටතේ ලියාපදිංචි වීමට අපේක්ෂා කරන අයවළුන් නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයැදුම්පතට අමතරව ලියාපදිංචියෙහි විෂයපථය හා සමග දැනට වලංගු තත්ත්ව පාලන ක්‍රම ලියාපදිංචි කිරීමේ සහතිකයක සහතික කළ පිටපතක් (නිකුත් කිරීමේ බලධරයා විසින් සහතික කරන ලද), තත්ත්ව සැලැස්මද ඇතුළුව තත්ත්ව අත්පොතේ පිටපතක්, නිෂ්පාදිතයෙහි වෙළඳ නාම අයිතිය පිළිබඳ සාක්ෂි හා නිෂ්පාදිතය අදාළ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර වලට අනුකූල වීම ඇගයීම සඳහා විවිධ වර්ග / ප්‍රමාණ / වෙළඳ නාම වෙනුවෙන් ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ යුතු වේ. සහතිකවල සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා නිකුත් කිරීමේ නිලධාරියාගෙන් විමසා බැලීමේ අයිතිය ශ්‍රී.ලං.ප්‍ර.ආ. වෙත රඳවා ගනු ලැබේ.

සහතික කිරීමේ තත්ත්වයට අදාල යම් වෙනසක් වේ නම් ශ්‍රී.ලං.ප්‍ර.ආ. වෙත දැන්වීම නිෂ්පාදකයා සතු වගකිමක් වේ. එසේ  නොවුවහොත්, නිෂ්පාදන ඒකකයට ප්‍රදානය කරන ලද ලියාපදිංචි තත්ත්වය අවලංගු කෙරෙනු ඇත.

6. අනුමැතිය :

නිෂ්පාදන පිරියත ලියාපදිංචි කිරීම සඳහා අනුමැතිය ලබා දීම, විගණන කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද ඇගැයීම් වාර්තාව මත  පදනම්ව, අධ්‍යක්ෂ ජනරාල්, අදාල නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්,  අධ්‍යක්ෂ (තත්ව සහතික කිරීමේ) හා අදාල සහකාර අධ්‍යක්ෂ (තත්ත්ව සහතික කිරීම) යන අයගෙන් සමන්විත කමිටුවක්  මගින් සිදු කරනු ලැබේ. අවශ්‍ය විට කමිටුවට උපදෙස් දීම පිණිස සැලකිල්ලට භාජනය කෙරෙන ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥයෙකුට සේවය සඳහා ආරාධනා කිරීමේ හැකියාව ඇත.

අදාල ගාස්තු :

7. ලියාපදිංචිය වලංගු වන කාලසීමාව:

අනුමැතිය වසර තුනක් සඳහා වලංගු වන අතර වසර තුනකට පසු නව ඇගයීමකට යටත්ව ලියාපදිංචි තත්ත්වය නැවත තහවුරු කළ හැකි වේ. කෙසේ වෙතත් අදාල ගෙවීම් සිදු කිරීම හා නිෂ්පාදිතයෙහි අනුකූලතාව යන කරුණුවලට යටත්ව ලියාපදිංචිය වාර්ෂිකව අළුත් කෙරෙනු ඇත.

8. විරෝධතා:

තත්ත්වය පිළිබඳ කවර හෝ විරෝධතා වේ නම් මූලික වශයෙන් සලකා බැලීම සඳහා ඒවා නිෂ්පාදකයාගේ අවධානයට යොමු කරනු ලැබේ. නිෂ්පාදකයා එවැනි විරෝධතාව ලට අදාල පරීක්ෂණ හා ඇගයීම් වලට  සහයෝගය දැක්විය යුතු වේ.

9. අවලංගු කිරීම් :

ඉහත ක්‍රියාපටිපාටි හෝ ලියාපදිංචියට අදාල කවර  හෝ කොන්දේසි උල්ලංඝනය කිරීම හා තත්ත්වය පිළිබඳ දිගින් දිගටම මතුවන විරෝධතා, කමිටුවේ ආවරණ අනුමැතියට යටත්ව පූර්ව දැනුම්දීමක් සහිතව හෝ රහිතව අනුමැතිය අවලංගු කිරීමට හේතු වනු ඇත.

10. අභියාචනා :

අනුමැතිය පිළිබඳ කවර හෝ කරුණකට සම්බන්ධ අභියාචනා එක් මසක කාලයක් ඇතුළත ශ්‍රී.ලං.ප්‍ර.ආ. අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතු අතර  ශ්‍රී.ලං.ප්‍ර.ආයතනයෙහි නම් කරන ලද මණ්ඩලයක් මගින් ඒවා සමාලෝචනයට ලක් කෙරේ. එම මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.

11. තොග ස්වයං සහතික කිරීම :

11.1 වාණිජ ඉන්වොයිසි අංකය හා / හෝ නෞභාර පත් අංකය වැනි තොගය පිළිබඳ නිසි යොමු විස්තර සහිතව ශ්‍රී.ලං.ප්‍ර.ආ. විසින් සපයන ආකෘතියකට හෝ එය පිළිගන්නා ආකෘතියකට අනුව එක් එක් තොගය සඳහා අදාල ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර වලට අනුකූලතාව පිළිබඳ සහතිකයක් ලියාපදිංචි නිෂ්පාදන ඒකකය විසින් සැපයිය යුතු වේ.

11.2 ලියාපදිංචි නිෂ්පාදන ඒකකය :
නිෂ්පාදිත හෝ ලේබල් මත හෝ ඉන්වොයිසියේද ඇසුරුම් ලැයිස්තුවේ හා සැපයුම් සටහනේද පිළිගත හැකි නිෂ්පාදිත සහතික කිරීමේ සලකුණ සටහන් කළ යුතුය. නොඑසේ නම් අනුකූලතා පරීක්ෂණය සඳහා නියැදියක් ලබා ගැනෙන අතර පරික්ෂණය මත පදනම්ව අවසන් තීරණය ගනු ලැබේ.

12. සංශෝධන :

ඉහත මාර්ගෝපදේශන පූර්ව දැනුම්දීමකින් තොරව ශ්‍රී.ලං.ප්‍ර.ආ. විසින් සංශෝධනය කළ හැකි වේ. එක් එක් කාරණය වෙන වෙනම සලකා බැලීමෙන් අනතුරුව එවැනි සංශෝධන නිසා අගතියට පත්වන  යම් පාර්ශ්වයක් වේ නම් සහන සැලසීමට හැකියාව ඇත.

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
New Sri Lanka Standards Catalogue This content is only available in English    The new  Sri Lanka Standards Catalogue has been published and is available for sale at the SL... Read more
National Quality Awards-2015 This content is only available in English    Congratulations to award winners ! National Quality Awards-2015WINNERS Service - Large Cate... Read more

© ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. සියලු හිමිකම් ඇවිරිණි
17 වික්ටෝරියා ස්ථානය, ඇල්විටිගල මාවත, කොළඹ 08.

නිමැවුම සහ සම්බන්ධීකරණය